බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සමන්තව හැඳි ගෑවෙන්න චාමර සම්පත් සීනිගම දේවාලයේ මිරිස් ඇඹරූ හැටි…

by editor
අප්‍රේල් 3, 2025
in සමාජ
චාමර

චාමර සම්පත් ඌව පළාත් මහ ඇමති ලෙස එවකට එම පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නට එරෙහිව සීනිගම දේවාලයේ මිරිස් ඇඹරූ අවස්ථාව...

Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

ඌව පළාත් සභාව බදුල්ල රාජ්‍ය බැංකුවක පවත්වා ගෙන ගිය ස්ථාවර තැන්පතු හයක් කල් පිරීමට පෙර ඉවත් කරගෙන රජයට ලක්ෂ 173 ක පාඩුවක් සිදු කරන ලදැයි පැවසෙන චෝදනාවකට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි චාමර සම්පත් දසනායක අප්‍රේල් මස 08 වැනිදා දක්වා බන්ධනාගාර ගත කර සිටී.

එම සිද්ධිය පොදු දේපොළ පනතට ගැනෙන වරදක් බැවින් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස⁣ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසර ලැබී තිබුණි.

චාමර සමිපත් දසනායක මේ වන විට බන්ධනාගාර ගත කර ඇත්තේ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න 2016 වසරේදී අල්ලස් දූෂණ විමර්ශන කොමිසම වෙත කර තිබූ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවය.

⁣සමන්ත විද්‍යාරත්න අල්ලස් දුෂණ විමර්ශන කොමිසම වෙත කල පැමිණිල්ලත් සමගම 2016 මාර්තු 21 වන දා එවකට ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සීනිගම දේවාලයට පැමිණ ඌව පලාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යරත්න තමන්ට එරෙහිව සිදු කළ චෝදනාව සාවද්‍ය චෝදනාවක් බව පවසා ඔහුට විරුද්ධව පලි ගසා දේව කන්නලව් කර මිරිස් අඹරන ලද බව ඒ දින වල මාධ්‍ය වාර්තා කරන ලදී.

බොහෝ හාස්කම් ඇතැයි සමාජයීය විශ්වාසයක් පවතින සීනිගම දේවාලයට බදුල්ලේ සිට පැමිණ සමන්ත විද්‍යාරත්නට විරුද්ධව පලි ගසා මිරිස් ඇඹරූ චාමර සම්පත් දසනායක අහිංසකයෙක් බවට සමාජයට හැඟෙන තරමේ මාධ්‍ය ප්‍රචාරයකටද මේ සිද්ධිය මුල් විය.
සමන්ත විද්‍යාරත්නට එරෙහි පාක්ෂිකයන් ඇඟිලි ගනිමින් සිටින්නට ඇත්තේ සීනිගම දෙවියන් විසින් ඔහු විනාශ කර දමන දවස ගැන සිහින මවමිනි.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ඒ තරමටම ඔවුන්ට සීනිගම දෙවියන් ගේ බල පරාක්‍රමය ගැන සැකයක් නොවීය.
ඒ දිනවල පැවැති යහ පාලන ආණ්ඩුවේ වැඩ පිළිවෙළ නිසා පොදු ජන පෙරමුණේ දේශපාලන නායකයන් බොහොමයක් දෙනා සිටියේ යහ පාලනය⁣ට සාප කරමින් සීනිගම දේවාලයේ පොල් ගසමිනි. ඒ අතරේම රාජපක්ෂ පවුල කපුවන් කට්ටඬියන් හා යකදුරන් මගින් සිය බල ආධිපත්‍ය තහවුරු කර ගැනීමට ගුරුකම් කරන බව පොදු ජන පෙරමුණේ ඉහල පෙළේ නායකයන්ට රහසක් නොවීය. රාජපක්ෂ පවුලේ සියළුම සාමාජිකයන් ගේ අත කර සහ ඉණේ මතුරන ලද කහ සුදු නූල් හා යන්තර විය.
ඔවුන් කෑවේද බිව්වේද වැසිකිලි ගියේද ගුරුකම් කරන්නන් ගේ උපදෙස් වලට යටත්වය.සොරකමට බිය නැති රාජපක්ෂවරුන් දැඩි බියක් දැක්වූයේ අණ වින කොඩි වින හූනියම් වලටය. ඔවුන්ගේ අනුගාමිකයන්ද එසේමය.

මේ නිසාම ගෝත්‍රික ප්‍රාථමික ඇදහිලි හා යන්ත්‍ර මන්තර ගුරුකම් පොදු ජන පෙරමු⁣ණු දේශපාලනයේ ඉහේ සිට පාද දක්වා පැතිරෙමින් තිබුණි. එය ගුරා හිටගෙන හුජ්ජ කරන විට ගෝලයන් දුව දුව හුජ්ජ කරනවා යැයි ජනප්‍රවාදයේ පැවසෙන කියමනට සමාන කළ හැකි විය.

එලෙසම සීනිගම දෙවියන්ගේ ඉතිහාසය හාරා අවුස්සා බලන විට මෙි දෙවියන් එසේ මෙසේ අයියා කෙනෙක් නොවන බවද පැහැදිලිය.

අප කුඩා කාලයේ රාත්‍රියේ අපේ ගම්ෙවල තොවිල් බෙර නෑසුන දවසක් තිබුණේ නැති තරමේය. එසේ රාත්‍රියේ තොවිල් බෙර හඬ ඇසුන උදෑසන පාසැල් යන විට අපට දැක ගන්නට හැකි වූයේ තුන් මං හන්දියක හෝ සොහොන් බිමක දමා ගොස් තිබූ පෙරේත තටුය. මේ පෙරේත තටු වල තිබූ තැඹිලි ගෙඩිය බී එහි තිබූ පඬුරු අත පත ගා ගන්නටත් අප පුරුදු වූයේ පෝරිසාද කොලු වයසේදීය. ඇතැම් දවසක අපගේ මැරූටි කොලු රෑන එවැනි පෙරේත තටුවක් රාත්‍රියේ නිවසක ආලින්දයේ තබා ගොස් ඊට පසුදින එම නිවැසියන් ගේ හිත බියවද්දන සාප කිරීමි අසා සතුටට පත් වූ අවස්ථාද වේ.

මේ වන විට එම තොවිල් බෙර හඬවල් ගම්වල නෑසෙන තරමේය. එහෙත් දැන් එවැනි අණ වින කොඩිවින හූනියම් ආදී ගුරුකම් කර ගන්නේ කොළඹ ජීවත්වන සුපිරි ධනපතියන්ය අතීතයේ ගම් වල පැවැති නොදියුනු ගෝත්‍රික අභිචාර විධි වර්තමානයේදී බොහෝ දේශපාලඥයන් ගේ හා ඔවුන්ගේ පවුල් වල ජීවිත වලට බද්ධ වී ඇති බවට අසන්නට ලැබේ.
අනුරාධපුරයේ ඥානා නම් කාන්තාව රාජ්‍ය පාලනය හැසිරවීමට තරමේ සාස්තර කියන්නියක ලෙස ඉහල ප්‍රභූ සමාජය තුළ වටිනාකමක් අත් කරගත්තාය. ඒ අතරේ මෙරට ප්‍රධාන පෙළේ දේශපාලඥයන් කේන්දර බල ගැනීමට හා නැකැත් සකස් කර ගැනීමට පෞද්ගලිකවම ගනුදෙනු කරන ⁣ඡ්‍යො⁣තිෂවේදීන්ද මෙරට සිටී.

සීනිගම පුරාවෘතය –

කතරගම ,සීනිගම ,නවගමුව ආදී දේවාල වල කපුවන් ගේ ආදායම් මාර්ගද වර්තමානයේදී ඉතා ඉහළ මට්ටමක පවතී. සීනිගම දේවාලය සිය සතුරාගෙන් පලි ගැනීම සඳහා පොල් ගසන හා මිරිස් ඇඹරීම පිළිබඳව ප්‍රසිද්ධ දේවාලයකි.

ජනප්‍රවාදයට අනුව සීනිගම දෙවියන් ලෙස වන්දනා මානයට ලක් වන්නේ දෙවොල් දෙවියන්ය. මේ දෙවියන් සීනිගමට ගොඩ බැස එන විට පත්තිනි දෙවියන් ගිණි කඳු හතක් මවාලූ අවස්ථාවේ එවා ඔහු නිවා දැමූ බැවින් දොවොල් දෙවි නාමය ලැබුණ බව පැවසේ.
පූජ්‍ය තිරාණගම රතනසාර හිමියන් 1957 වර්ෂයේදී රචනා කරන ලද දර්ශන සියය නම් ග්‍රන්ථයේ සීනිගම දෙවියන් පිළිබඳව මෙසේ සඳහනක් කර තිබේ.

“..ඉර රැස් ස්වාමින් වහන්ස කීර්ති රැස් ස්වාමින් වහන්ස මහා ස්වාමින් වහන්ස ඒත් මාගේ වරම් ලබා ගෙන දෙවොල් හත් බාගයෙන් වරම් ලබා ගෙන පුලුප්පර දේසයේ සිට බඩු නැව් පැදගෙන මෙතරට ගොඩ බසින්නට එන තැනේදී වාත ගර්ජනාවක් නැව් සත බිඳී ගිය තැනේදී දේව රජ්ජුරු දෙවියෝත්,පත්තිනි දෙවියෝත් දියෙන් එන යකුන්ට ගොඩ බසින්ට නොදෙමියි කියා ගිණි කඳු හතක් මවා පෑ තැනේදී ගිණි කඳු හත කා ගෙන බී ගෙන මෙසේ වැල්ලට ගොඩ බැස වැලි හාල් කර කරදියෙන් පා එළිය ඔප්පු කර සිද්ධ කරගත්තා සත්තාවාදී සැබෑ වී නම් ඔබ වහන්සේලා කියන කන්නලව්ව දිවැස් කරුණාව ගන්වයි…”

මේ හෑල්ලේ සඳහන් කර ඇති සීනිගම දෙවියන් වැලි හාල් කර පෙන්වීම පිළිබඳව ජනප්‍රවාදයේ කතන්දරයක් තිබේ. ඒ ප්‍රවාදයේ දැක්වෙන්නේ සීනිගම දෙවියන් මුහුදෙන් වැලිගෙන හාල් බවට පත් කරයි. එහෙත් එම දෙවියන්ගේ පුත්‍රයා තම පියා සිදු කරන එම ඇස් බැන්දුම රහසේ බලා සිට සිය මවට ඒ ගැන හෙළි කෙරුවේය. මින් කෝපයට පත් සීනිගම දෙවියන් සිය බිරිඳ හා පුත්‍රයා මරා දමා සීනිගමින් පලා ගියේය. පලා ගිය ඔහු උනවටුනටත් උග්ගල්පිටියටත් ගොස් සැඟවුන බව පැවසේ. පසු කාලයකදී සීනිගම වාසීන් ඔහු දැක්වූ ප්‍රාතිහාර්යයන් සිහිපත් කරමින් දෙවොලක් ඉඳි කළ බවද ජනප්‍රවාදයේ දැක්වේ.

සීනිගම දෙවියන් එසේ මෙසේ අයියා කෙනෙකු නොවන බව අප ලිව්වේ ඒ නිසාය.වර්තමානයේදී නම් බිරිඳ හා දරුවා මරා දැමූ අයකු හට අපරාධ නීතියෙන් දඩුවම් හිමිවේ.එහෙත් තමන් කළ මෙලේච්ඡ අපරාධය නිසාම සීනිගම දෙවියන්ට දේවත්වයට පත් වීමට හැකි වී තිබේ. සීනිගම දෙවියන් ගේ දේවත්වය පිළිබඳව සමාජ විශ්වාසය පවතින්නේ වරදට දඬුවම් දෙන දෙවියකු ලෙසය.

ඕනෑම තක්කඩියෙකුගේ අවසාන නවාතැන ආගම බව සඳහන් කෙරෙන කියමනක් වේ.සමන්ත විද්‍යාරත්නගේ චෝදනාවත් සමගම චාමර සම්පත් සීනිගමට එන්නේ සීනිගම දෙවියන් ලවා ඔහු විනාශ කරවීමටය. සැබැවින්ම තමන් වරදක් කළ බව චාමර සම්පත් නොදැන සිටින තරමේ උක්කු බබෙක් නොවේ. ඒ නිසාම චාමර සම්පත් හැදුු⁣වේ දෙවියන්ට කොකා පෙන්වා සමාජය ගොනාට ඇන්දීමට බව අ⁣පි දනිමු.

⁣සීනිගම දෙවියන් ගේ තීන්දුව මේ වන විට කණ පිට හැරවී තිබේ. චාමර සම්පත් සීනිගම බොරුවට ඇඹරූ මිරිස් නිසාම සමන්ත විද්‍යාරත්න ඇමතිවරයකු වී ඔහුට කෙලවී ඇතැයිද කෙනෙකුට සිතිය හැකිය. සීනිගම දෙවියන් සමග පිස්සු කෙලින්න ගියාම දෙන දඬුවම චාමර සම්පත්ට ලැබී ඇතැයිද දැඩි දේව භක්තියකුට ගණන් හදා පෙන්නන්ටත් පුළුවන.
කෙසේ වෙතත් සීනිගම දෙවියන් වෙනුවෙන් තැබූ පූජා වට්ටිය නිසාවත් චාමර සම්පත්ට වර්තමානයේදී චාන්ස් එකක් හිමි නොවීම කණගාටුවට කරුණකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මර්වින් 09 දක්වා යළි රිමාන්ඩ්… සැඟවී ඉන්න ප්‍රසන්න රණවීරගේ දේපල රාජසන්තක කිරීම සලකා බැලීමත් එදිනට…

Next Post

දේශබන්දු යළි රිමාන්ඩ්!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.