සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණය දැක දැක බුදු ගුණ කියමින් කැලණි ගඟේ කිලෝමීටර 3ක් දුර පාවී ආ අම්මා….

by editor
මැයි 31, 2024
in පුවත්
දිවි බේරාගත් කාන්තාව සහ  ඇයගේ දිවි බේරා දුන් මහා හිතක් ඇති මිනිසා...

දිවි බේරාගත් කාන්තාව සහ ඇයගේ දිවි බේරා දුන් මහා හිතක් ඇති මිනිසා...

Share on FacebookShare on Twitter

දිනය පසුගිය බදාදා (29) ය. වෙලාව රාත්‍රී 9ට පමණ ඇත. කැළනි ගඟ ගලන්නේ දෙගොඩ තලා යන ලෙසය. මහාජල කඳක් ඉතිරෙමින් ගලා යන්නේ දුටුවන් ද තිගස්වමිනි.

ගං දිය ගලන හඬ යටපත් කරගෙන ඉතිපිසෝ ගාථාව කියන හඬක් ඇසේ. ඒ අතරම තමන් බේරා ගන්නා ලෙස ඇසෙන විලාපයකි. කාන්වකගේ හඬය. මේ කුමක්දැයි දකින්නට එළියක් නැත. පිරිසක් කඩුවෙල පාලම මතට දිව ගියහ. ඔවුන් දකින්නේ ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යන කාන්තාවකි.

පිරිසෙන් අයෙක් ඒ මොහොතේම කඩුවෙල පොලිසිය දැනුම්වත් කරන්නේය. කඩුවෙල පොලිස් ස්ථානාධිපති කාන් වීරසිංහය. ඔහු ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් අසුරු සැනින් ක්‍රියාත්මක වූහ. විනාඩි ගණනකින් ගලවා ගැනිමේ මෙහෙයුම දියත් කළ යුතුය. ඇයව බේරාගැනීමට හැකි සුදුසුම තැන වැලිවිට බෝගහවත්ත පාර ප්‍රදේශයේ පිහිටි පාලමය. පාලමින් කඹයක එල්ලී ගං දිය මට්ටම බැස ඇය බේරා ගත යුතුය. එය ජීවිතය අවදානමට දමන මෙහෙයුමකි.

මේ අවදානම ගන්නේ සමන් අසිත පිගේරා නමැති නිර්භීත මනුෂ්‍යයෙකි. ඔහු කඩුවෙල පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන්ගේ සහය සහිතව කඹයක එල්ලී ගං දියට බසින්නේය. පාවී එන කාන්තාව අල්ලා ගන්නේය. ඇයව නිරුපද්‍රිතව බේරා ගන්නේය.

කිලෝ මීටර තුනක් දුර ඇය ගං දියේ පහළට ගසාගෙන පැමිණ තිබිණි.
ඇයව බේරා ගැනීමට දිවි පරදුවට තබා කඹයක් ආධාරයෙන් කැලණි ගඟට බැස්ස සමන් අසිත පිගේරා සිය අත්දැකීම විස්තර කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම වැඩ ඇරිලා ගෙදර ඉන්නකොට තමයි මේ ආරංචිය ආවේ. අජිත් අයියා කියලා අයිය කෙනෙක් ඉන්නවා. එයාට කොහෙන් හරි ආරංචි ඇවිල්ලා ගඟේ ගෑනු කෙනෙක් ගහගෙන යනවා කියලා.

ඊට පස්සේ මමයි තාත්තයි අයියයි තුන්දෙනාම ගඟ ගාවට ගියා. යනකොට කඩුවෙල පොලිසියේ මහත්තුරුත් ඇවිල්ලා හිටියා. එයාලගේ ආධාර ඇතිව මම කඹයක් අරන් ගඟට බැහැලා සැඩ පහරට පහළට ගහගෙන එන ගෑනු කෙනාව ගත්තා. පස්සේ පොලිස් ජීප් රථයෙන්ම රෝහලට අරන් ගියා. කොහොමහරි ඒ ගෑනු කෙනාගේ ජීවිතේ බේරගත්තා. ජීවිතයක් බේරා ගැනීමට ලැබීම ගැන මට ගොඩක් සතුටුයි” ඔහු කීවේය.

අනතුරට ලක් වී සිටියේ 46 හැවිරිදි දෙදරු මවකි. ඇය ජයනා කුමාරි මුණසිංහය. මේ වනවිට ඇය දකුණු කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ගනිමිනි. ජයනාගේ සැමියා උපුල් ධර්මතිලක කුමාරය. සිද්ධිය පිළිබඳව ඔහු කතා කළේ තිගැස්මෙනි.

“අපි දෙන්නට වයස අවුරුදු 14 ක හා 21ක පුතුන් දෙදෙනෙක් ඉන්නවා ලොකු පුතා රස්සාවක් කරනවා. පොඩි පුතා අසනීප තත්ත්වයකින් තමයි ගෙදර ඉන්නේ.”

“මම පෙරේදා (29) උදේ ඉඩම් කච්චේරියට ගියා අවශ්‍යතාවකට. ගෙදර හිටියේ මගේ නෝනයි දෙවැනි පුතයි විතරයි. එනකොට දවල් 1.30ට පමණ ඇති. ගෙදරට ආ හැටියෙම පුතා කිව්වා අම්මා ගියා අම්මා ගියා කියලා. මම හැම තැනම හොයලා බැලුවා එයා පේන්න හිටියේ නෑ.”

එයා හිටියේ ලොකු මානසික පීඩාවකින්. ඒක සමනය කරගන්න බෙහෙත් ගත්තා. පස්සේ මම මේ බව ලොකු පුතාටත් දුරකතනයෙන් දැනුම් දුන්නා. එයත් ගෙදර ආවා. නෝනව හැම තැනම හෙව්වා. පන්සල්වල ගිහිල්ල බැලුවා. කනත්තවලට ගිහිල්ල බැලුවා. ගමේ යාළුවෝ කිහිප දෙනෙකුත් අපිට උදව් කරා. රාත්‍රි හතට විතර අපි උඩුපිල පැත්තේ ඉඳලා කඩුවෙල පාලම පැත්තට ආවා. එනකොට මිනිස්සු වගයක් කෑගහනවා කවුද ගඟේ ගහගෙන එනවා කියලා. මගේ යාළුවා බයිසිකලින් බැහැලා ගිහිල්ලා ගඟ දිහා බලලා මා ගාවට ඇවිල්ලා කිව්වා අපි යමු කඩුවෙල පොලිසියට කියලා.”

“මම හිතුවා මගේ නෝනා තමයි ගඟේ ගිහිල්ලා තියෙන්නේ කියලා. මොනවා වුණාද කියලා හිතාගන්න බැරි වුණා. දරුවෝ දෙන්නම මතක් වුණා. එයාලට දැන් අම්මා කෙනෙක් නෑ නේද කියලා හිතුනා.”

“පැය භාගයක් විතර යනකොට මට කඩුවෙල පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා කතා කරලා කිව්වා. ඔයාගේ නෝනා ජීවත් වෙලා ඉන්නවා බයවෙන්න එපා. අපි බේරගත්තා කියලා. මුල්ලේරියාව ඉස්පිරිතාලෙට යන්න කියලා කිව්වා. මට හිතුණා හීනයක් ද කියලා. මම ආයි පාරක් ඕ.අයි.සී. මහත්තයට කෝල් කරා ඇත්තද සර් කිව්වේ කියලා. ඔව් ඔයා යන්න ඉස්පිරිතාලෙට ඔයාගේ නෝනා හොඳින් ඉන්නවා කියලා කිව්වා. මම ජීවිතේ අහපු සතුටුම වචන ටික තමයි එතුමා මට කිව්වේ.”

“කඩුවෙල ඕ.අයි.සී. මහත්තයයි බෝගහවත්ත ප්‍රදේශයේ සමන් අසිත කියන මහත්තයකුයි පොලිසියේ මහත්වරුයි ගම්වාසීන් කීප දෙනෙකුයි එකතුවෙලා ගඟේ ගහගෙන ගිය මගේ නෝනව බේරගෙන කියලා. සියලුම දෙනාට මේ වෙසක් සතියේ පින් සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

අවසානයේ ඔහු සහ ඇය….

මේ යුවලගේ දෙදරුවන් අතර 14 හැවිරිදි දරුවා උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි. එය කම්පිත නොවී කළමනාකරණය කරගත යුතු තත්ත්වයකි. එහෙත් ඒ අම්මා මේ පරිසරය තුළ දැඩි මානසික පීඩාවකින් පෙලී තිබේ. ඇය පෙළන විශාද තත්ත්වය ඇයව සිය දිවි නසා ගැනීමේ තැනට පත් කර ඇත. නවගමුව ප්‍රදේශයේ පාලමකින් කැලණි ගඟට පැන ඇති ඒ අම්මා කෙසේ හෝ දැන් ජීවතුන් අතරය.

විශාදය යනු මේ සමාජය තුළ බොහෝ දෙනෙකුට බලපෑ හැකි මානසික ව්‍යාධි තත්ත්වයකි. නිසි ප්‍රතිකාර ගැනීම හරහා කළමනාකරණය කරගත හැකි තත්ත්වයකි. රටක් ලෙඩ වී ඇති වටපිටාවක මිනිසුන්ගේ හිත් ලෙඩවීම අරුමයක් නොවේ. අවශ්‍ය වන්නේ ඒ ලෙඩවුන සිත් නිසා ඇතිවන බිහිසුණු තත්ත්ව පාලනය කරගැනීම සඳහා වූ සමාජයක වගකීමය. ( නවගමුව සමූහ – සුගත් ප්‍රේමතිලක බණ්ඩාරගම – බිමල් ජයසිංහ විසින් දිනමිණ පුවත්පතට සැපයූ ප්‍රවෘත්ති විශේෂාංගයක් ඇසුරිනි)

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලලිත් කොතලාවලගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම ලබන 11 වැනිදා….

Next Post

ආණ්ඩුවේ බාර් ලයිෂන්වලට ඉල්ලුම් නොකළ මන්ත්‍රීවරු සජබේ නෑ කියලා හැකිනම් කියන්න… අනුරගෙන් සජිත්ට අභියෝගයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.