බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනුෂ කුමන්ත්‍රණයක… මගේ ජීවිතේ අනතුරේ… ජීවිතයට යම් දෙයක් සිදුවුනොත් ජනාධිපති රනිල් ඒ වගකීම භාරගත යුතුයි… මුජබර් බරපතල හෙළිදරව්වක!

by editor
සැප්තැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනුෂ නානායක්කාර තමන්ගේ ජීවිතයටත් හානි විය හැකි ආකාරයේ බිහිසුණු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ සඳහා මීට දවස් තුනකට පෙර  වැලිකඩ බන්ධනාගාරයේ වසර පහක් තිස්සේ දඬුවම් විඳින සිරකරුවෙක් හමුවී ඔහුට වරදාන සහ වරප්‍රසාද දෙන බවට සහතික වීමෙන් පසු  ඔහු දඬුවම් විඳින අපරාධයට තමන්ගේ ද සම්බන්ධයක් ඇතැයි ප්‍රකාශයක් ලබාගෙන නඩුවකට පැටලවීම සඳහා සාපරාධී කුමන්ත්‍රණයක් සිදුකරන බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජබර් රහුමාන් අද (3) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඔහු කීවේ තමන්ගේ ජිවිතයට යම් ආකාරයක අනතුරක් සිදුවුවහොත් ඊට රනිල් වික්‍රමසිංහ වගකිව  යුතු බවය. මේ ප්‍රකාශය කරන්නේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත වීම සඳහා බව කී මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා හෙට මේ කුමන්ත්‍රණයට අදාලව සියලුම තොරතුරු සමග  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට   පැමිණිල්ලක් ඉදිරිපත්  කරන බවය.

මන්ත්‍රීවරයා සිය ප්‍රකාශය අතර මෙසේ ද පැවසුවේය.

මීට දවස් තුනකට කලින් මනුෂ නානායක්කාරයි අස්ලාම් කියලා පුද්ගලයෙකුයි වැලිකඩ හරිමාන්ඩ් බන්ධනාගාරයට ගිහින් අවුරුදු පහක් තිස්සේ අපරාධයකට සැකකරුවෙක් ලෙස ඉන්න සැකකරුවෙක්ව මුණ ගැහිලා තියනවා.

ඒ සැකකරුවා මුණ ගැසිලා ඔවුන් ඒ සැකකරුට කොළඹ ගෙයක් දෙන්න වාහන දෙන්න තව මුදල් ලබා දෙන්න ඔහුට එළියට එන්න ඇප ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරන්නම් කියලා ඔහුට කියලා තියනවා මට විරුද්ධව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා දෙන්න කියලා

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ගරු සභාපති තුමනි. මොකක්ද ප්‍රකාශය. ඒ අපරාධයට ඔහුව අත් අඩංගුවට අරගෙන ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයෙ තබන් ඉන්නවා. ඒ සම්බන්ධව මටත් සම්බන්ධතාවයක් තියනවා කියලා ඔහුගෙන් ප්‍රකාශයක් ඉල්ලා තිබෙනවා.

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා එම සිරකරු මුණගැසිම සම්බන්ධව මගේ ලඟ සාක්ෂි තියනවා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මොකද මම පහුගිය කාලය පුරාම විශේෂයෙන් සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියෙන් ඉඳලා වැඩ කරන මන්ත්‍රීවරයෙක් බව ගොඩක් දෙනෙක් දන්නවා. ඒ වගේම කොළඹ නගරයේ අපේ පක්ෂය වෙනුවෙන් දේශපාලනය කරන මන්ත්‍රීවරයෙක්.

ඔවුන්ට මේක උහුලා ගන්න බැරිව මොකක් හරි දෙයකට මාව පටලවලා මාව රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න, එහෙම නැතිනම් ජීවිතය ට හානියක් කරන්න මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට, මම දන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයට ඕන ද කියලා. මට තේරෙනවා යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් වී යනවා.

මම ඒ පිළිබඳව නිකම් කතා කරන්නේ නෑ. මම ඒ පිළිබඳව සාක්ෂි හෙට උදේට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනවා. මොකද මගේ ජීවිතයට මොකක් හරි අනතුරක් වුනොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගකියන්න ඕන කියලා මම ප්‍රසිද්ධියෙ කියනවා.

මම ලැජ්ජා වෙනවා රනිල් වික්‍රමසිංහවගේ කෙනෙක් එක්ක අවුරුදු 15ක් මේ රටේ නායකයා කරන්න අපේ ජීවිත පරිත්‍යාග කරලා වැඩ කිරීම ගැන.

ඡන්දය පටන් ගන්නකොටම කිව්වා ජනාධිපති තුමා… අපි නීතියට අනුව ඡන්දය කරමු කියලා. දැන් කරන්න පුලුවන් හැම කුපාඩි වැඩක්ම කරන්න හදනවා කියලා තමයි මට තේරෙන්නේ.

මම අවුරුදු 30කට ආසන්න කාලයක් කොළඹ දේශපාලනය කරන කෙනෙක්. අද වෙනකම් කිසිම පොලිසියක මට විරුද්ධව කිසිම පැමිණිල්ලක් ඇවිත් නෑ. මම අඩුම ගානේ විරුද්ධ පක්ෂයේ ඉන්න කෙනෙකුටවත් හානියක් කරලා තියනවා කියලා. මැද කොළඹ ආසනයෙ ඉන්න ඕනෑම විරුද්ධ පක්ෂයේ කෙනෙකුගෙන් අහන්න පුලුවන් මම කවදාවත් එහෙම හිරිහැරයක් කරලා තියනවා ද කියලා…. අඩුම ගානේ යහ පාලන ආණ්ඩුව තියෙද්දිවත්.

එහෙම කරලා නෑ. හැම එක්කෙනා එක්කම සුහදව දේශපාලනය කරනවා දේශපානයේ දි. ඒ වගේම මට එකම දූෂණ වංචා චෝදනාවක්වත් නෑ.

අපි දේශපාන ආදර්ශයන් හැටියට තමයි අපි දේශපානය කරගෙන එන්නේ. ඒ මේ රටේ ඇත්ත දේශපාලන පරිවර්තනයක් වෙන්න ඕන නිසා. නැතිනම් මටත් ජනාධිපතිතුමා ඇමතිකමක් දෙන්න කතා කරද්දි මටත් යන්න තිබුණා. ඒක කරන්න බැරි කමක් නෙමෙයි. අගමැති වෙනකොටත් මට අඬ ගැහුවා. ජනාධිපති වෙනකොටත් අඬගැහුවා. මම ඒක ප්‍රතික්ෂේප කළා. ඒ දේශපාලන කාරණාවක් උඩ. මම කියනවා එතුමා ගත්ත දේශපාලන තීන්දුව වැරදියි කියලා. එතුමාගේ දේශපාලන ක්‍රියාකලාපය මම නිර්දය ලෙස විවේචනය කරනවා. ඒක මගේ දේශපාලන අයිතිය.

ඒක උහුලා ගන්න බැරිව එක එක්කෙනාව රිමාන්ඩ් බන්ධනාගාරයට යවලා සැක කාරයින් ලව්වා ස්ටේට්මන්ට් අරන් මාව බන්ධනාගාරයට යවන්න මගේ ජිවිතයට හානියක් කරන්න යනවා නම් මොකක්ද මේ දේශපාලනය.

රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කතා කරන මහත්මා දේශපාලනය මේක ද. මේක ද රනිල් මහත්තයා බලය ඉල්ලලා කරන්න හදන සිස්ටම් චේන්ජ් එක. මේකද මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. මේක ද රනිල් වික්‍රමසිංහ මත්මයා බලයට ආවට පස්සේ එක හ සමානව සලකනවා කියන දේශපාලනය මේක ද?

ඒ හින්දා මම කියන්න කැමතියි. මේක ඉතාම බරපතල කාරණාවක් ලෙස මම දකිනවා. මොකද මම මේක කතා කරන්නේ මේක මෙතන හැන්සාඩ්ගත වෙන්න ඕන නිසා. මෙතන ලියැවෙන්න ඕන නිසා. මොකද මම ඒ තරම් බරපතල විදිහට මේක දකිනවා. මොහු ගිහින් මුණ ගැහිලා තියනවා කියන එකටත් මා ලඟ සාක්ෂි තියනවා. මම ඒ පිලිබඳව හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සාක්ෂි ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා පොලිසියෙන් සාධාරණයක් ඉෂ්ඨ වේවි කියලා බලාපොරොත්තු වෙනවා.

මේක මගේ වරප්‍රසාද ප්‍රශ්නයක්. රිමාන්ඩ් බන්ධනාගාරයට හිටපු ඇමතිවරයා ගිහිල්ලා සිරකරුවෙක් එක්ක කතා කරලා ඔහුට වරප්‍රසාද මිල මුදල් හා නොයෙකුත් දීමනා ලබා දෙන්න පොරොන්දු වෙලා ඔහුගෙන් ප්‍රකාශයක් ඉල්ලා තියනවා මට විරුද්ධව එම ප්‍රකාශය දෙන්න කියලා.

 එම කුමන්ත්‍රණය දැනට දියත් වෙලා තියනවා කියලා මට සාක්ෂි ඇතිව තොරතුරු ලැබිලා තියනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අවධාරණයෙන් ඉල්ලනවා මේ පිළිබඳව කතානායක තුමාගේ අවධානය යොමු කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා.

එම වරප්‍රසාද ප්‍රශ්නය  කතානායක තුමාගේ අවධානයට එය යොමු කරනව බව එම අවස්ථාවේ මූලාසනයේ සිට වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්.. ඔයා දැන් පරක්කු වැඩියි… දැන් මොන ගේම ගැහුවත් වැඩක් නෑ… අනුර කියයි!

Next Post

අපි නම් ජනාධිපති එක්ක එකතු වෙන්නේ නෑ… කැමතිනම් ජනාධිපතිටයි මාලිමාවටයි එකතු වෙන්න පුලුවන් – සජිත් ගාල්ලේදී කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.