මධ්‍යම රජයට සහ පළාත් සභාවලට අයත් සියලුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ව්‍යාපාර සඳහා 2023 වසර තුළ භාණ්ඩාගාර අනුමැතියකින් තොරව රුපියල් මිලියන 500 කට වැඩි ප්‍රාග්ධන වියදම් සිදු කළහොත් අදාළ වියදම් සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානියා පෞද්ගලිකව වගකිවයුතු බව සඳහන් කරමින් භාණ්ඩාාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි “ද සන්ඩේ ටයිම්ස්“ පුවත් පත වාර්තා කරයි.
එසේම අනුමැතියකින් තොරව හෝ වසර කිහිපයකින් ගෙවිය යුතු රුපියල් මිලියන 1,000 ඉක්මවන වියදම් සඳහා ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලුම නිලධාරීන් පෞද්ගලිකව වගකිව යුතු බව රජය තීරණය කර තිබේ. එවැනි ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් බැඳීම්වලට එළඹීමට පෙර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර මූල්‍ය තත්ත්වය අනුව එම ඉල්ලීම අනුමැතිය සඳහා පොරොත්තු ලේඛනයක තැබීමට තීරණය වී ඇත. ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රධානීන්ට භාණ්ඩාගාර චක්‍රලේඛයක් යවා තිබේ.
පවතින දැඩි ආරථික අර්බුදය හමුවේ මෙම පියවර ගෙන ඇති අතර භාණ්ඩාගාරයේ නව මඟ පෙන්වීමක කොටසක් ලෙස 2023 වසර සඳහා අයවැය ප්‍රතිපාදනවල වියදම් සඳහා දැඩි මූල්‍ය පරිපාලනයක් සහති කළ යුතු බව එයින් අවදාරණය කර තිබේ
ප්‍රතිපාදනවල සීමාවන් තුළ වියදම් කළමනාකරණය කරන ලෙස ද රාජ්‍ය ආයකන ප්‍රදානෘන් වෙත උපදෙස් ලබා දී ඇත.මුදල් රෙගුලාසි සහ මුදල් චක්‍රලේඛය යටතේ ප්‍රධාන ගණකාධිකරණ නිලධාරීන් වගකියනු ලැබිය හැකි විධිවිධාන චක්‍රලේඛයේ සඳහන් කර ඇත.
මෙම වසරේ ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගත යුතු ආකාරය පිළිබඳ ප්‍රමුඛතා මහා භාණ්ඩාගාරය විසින් ලැයිස්තුගත කර ඇත.
ඒ අනුව පළමු ප්‍රමුඛතාවය විය යුත්තේ බිල්පත් සහ වගකීම් පියවීම සහ අත්‍යවශ්‍ය නඩත්තු කිරීම, ආසන්න වශයෙන් නිම කර ඇති වැඩ නිම කිරීම සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා අර්ධ වශයෙන් නිම කරන ලද ව්‍යාපෘතිවල ආරක්ෂාව සහතික කිරීම ය.චක්‍රලේඛයට අනුව ලැයිස්තුවේ අවසාන අයිතමය වන්නේ අලුතින ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘති සඳහා වන ඕනෑම වියදමකි.









