කීර්ති ප්රනාන්දු
විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය මේ සතියේ ලබා දුනහොත් 2023 වසර අරගලයේ දෙවන රැල්ල ඇතිවීම වැළැක්විය නොහැකි බව ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි .
එසේම මෙම අසාධාරණ විදුලි ගාස්තු වැඩි කිරීම කළ හොත් මෙම මාසයේ සිටම විදුලි බිල් ගෙවීම සිදු නොකරන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පවසන ජයලල් මහතා මෙසේ තක්කඩි ලෙස විදුලි බිල වැඩි කිරීම සිදුකළ හොත් ගත හැකි ඉහළම ක්රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද පවසයි.
කෙසේ වුවද විදුලි බිල වැඩි කිරීමට එරෙහිව වැඩවර්ජනයක් කළ හොත් එයින් වාසියක් අත් වෙන්නේ රජයට බැවින් එම නිසා විදුලිබල මණ්ඩල සේවකයන් වැඩවර්ජනයකට එක් නොවන බවත් විදුලි බිල් නොගෙවා සිටින ජනතාවගේ විදුලි විසන්ධි කිරීම් සිදු නොකිරීමට තීරණය කර ඇති බවද හෙතෙම පැවසීය.
“රටේ බෙහෙත් ටික නැහැ. ජනතාවට කන්න නැහැ . විදුලි බිල වැඩි කළයි කියලා ඩොලර් වැඩිවෙන්නේ නැහැ. රටේ ජනතාව විදුලි බිල ගෙවන්නේ රුපියල් වලින් .අද ආණ්ඩුවට ඩොලර් ඕනෑ. ඒ නිසා ඩොලර් හොයාගන්න විදුලිබල මණ්ඩලය, නොරොච්චෝලේ, ලක්ෂපාන, මහවැලි සංකීර්ණ, බලාගාර විකිණීමෙන් ජලාශ ටික පෞද්ගලික සමාගම් වලට විකිණීමෙන් උපයා ගන්න යන ඩොලර්වලින් ආණ්ඩුව දුවන්නයි හදන්නේ .දැවෙන ප්රශ්න වලින් මිනිස්සු පාරට බහින නවත්වන්න ඒ ඩොලර් වියදම් කරන්නයි මේ හදන්නේ යයිද රංජන් ජයලාල් වැඩිදුරටත් පැවසීය .