කීර්ති ප්රනාන්දු –
බිත්තරයක් සඳහා උපරිම සිල්ලර මිල අද සිට රුපියල් 55කට නියම කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පවසයි.
ඒ අනුව බිත්තර ගොවීන් සුදු බිත්තරයක් රුපියල් 49කට සහ රතු බිත්තරයක් රුපියල් 50කට වෙළෙන්දන්ට අලෙවි කරනු ඇති බව ඔහු කියයි.
මේ මිල ගණන් මේ අද උදෑසන වනවිට සියලුම බිත්තර අලෙවිකරුවන් වෙත දන්වා ඇති බවත් ඔහු පවසයි.
බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ගැසට්ටුව අධිකරණ නියෝගයක් මගින් අහෝසිවීමත්, බිත්තර මිල සඳහා පාරිභෝගික සේවා අධිකාරිය ඉදිරිපත් කළ අතාර්කික පාලනමිලට අධිකරණය ඉදිරියේ විරෝධය පලවීමත් හේතුවෙන් මේ වනවිට පාලන මිලක් ක්රියාත්මක වෙන්නේ නැත.
කෙසේ වෙතත් ලබන 20 වනවිට බේකරි නිවාඩු දීම, පාසල් වැසීම වැනි හේතු නිසා බිත්තර සඳහා ඉල්ලුම අඩුවීමත්, ලබන ජනවාරි පෙබරවාරිවල දී අපේක්ෂිත නිශ්පාදන ධාරිතාව ඉහළ යෑමත් හේතුවෙන් රුපියල් 55ක මිල සීඝ්රයෙන් පහළට වැටෙනු ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය කියයි.







