ශ්‍රියානි විජේසිංහ –
රුපියල් 55ට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කරන සිල්ලර වෙළෙදුන්ට බිත්තර ලබා නොදෙන්නැයි සමස්ත ලංකා කුකුල්මස් සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තොග වෙළෙඳුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
එසේම රුපියල් 55ට වඩා වැඩි මිලට බිත්තර මිලදී නොගන්නැයිද සංගමයේ සභාපති රවී රත්නායක පාරිභෝගික ජනතාවටද දැනුම්දී සිටියි..
දෛනිකව රට තුල බිත්තර අවශ්‍යතාව ලක්ෂ 70ක් පමණ වන නමුත් නිෂ්පාදනය කළ හැකිවන්නේ ලක්ෂ 50 – 60ක ප්‍රමාණයක් බැවින් එම නිෂ්පාදනය සියල්ලමට වෙළඳපලට බෙදාහැරීම ආරම්භ කර ඇතැයි සංගමයේ සභාපති රවී රත්නායක කියයි.
මේ වන විට බිත්තර වලට පැවති ඉල්ලුම යම්තාක් දුරටක අඩුව ඇති බවත් දෛනිකය බිත්තර ලක්ෂ 50- 60ක් බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බවත් රවි රත්නායක ලංකාසර කළ විමසුමකදී සදහන් කළේය.







