අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කරමින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂට පණවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන 04 වැනිදා තෙක් නැවත දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අද මෙම නියෝගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන්නේය.
රටේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුලු පාර්ශවකරුවන් කිහිපදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම යළිත් විභාගයට ගත් අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් විය.