අද (01) දින මධ්‍යම පළාත තුළ පැවති අධික වර්ෂාව සමඟ ප්‍රදේශ ගණනාවක පස් කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් හා විශාල ගල් පෙරලීම් දුම්රිය මාර්ගය වෙත පතිත වී ඇති බවට වාර්තා වේ.
කොටගල දුම්රිය ස්ථානය හා තලවකැලේ දුම්රිය ස්ථාන අතර , රෝසැල්ල දුම්රිය ස්ථානය හා වටවල දුම්රිය ස්ථානය අතර , වටවල දුම්රිය ස්ථානය හා ගලබඩ දුම්රිය ස්ථානය අතර , ගලබඩ දුම්රිය ස්ථානය හා ඉඟුරුඔය දුම්රිය ස්ථානය අතර හා නානුඔය දුම්රිය ස්ථානය අතර හා ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර මෙම හදිසි ආපදා තත්ත්වය ඇතිව තිබේ.
අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කර දුම්රියයන් මේ වන විට නාවලපිටිය හා හැටන් දුම්රිය ස්ථාන වල නවතා තබා ඇත.
එමෙන්ම මේ වන විට දුම්රිය මාර්ගය වෙත මෙන්ම බස් මාර්ගය වෙත පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රියේ සිටින මගී ජනතාව ලඟම දුම්රිය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ අපහසුකමක් ද පැන නැගී ඇත.
මේ තත්ත්වය හේතුවෙන් අද දින කොළඹ කොටුව සිට බදුල්ල බලා හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රියයන දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.