බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බහු විවාහය සහ කාති උසාවි අහෝසි කිරීමට උලමාවරු එරෙහි වෙති…

අහෝසි නොකර දැඩි කොන්දේසි පිට බහු විවාහ ක්‍රමය පවත්වාගන්න මුස්ලිම් කාන්තා සංවිධානත් කැමති වෙලා...

by editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාලව  කාති උසාවි ක්‍රමය සහ බහු විවාහය අහෝසි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී ඇති යෝජනාවලට අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි හා සූම් තාක්ෂණය ඔස්සේ  සාකච්ඡාවකට එක් වෙමින්  සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය සිය විරෝධය පල කර ඇතැයි වාර්තා වේ.

විවාහවන වයස අවුරුදු 18 වීම, විවාහය ලියාපදිංචිය අනිවාර්ය කිරීම, ඊට කාන්තාවගේ ද අත්සන ලබා ගැනීම, කාති ක්‍රමය අහෝසි කිරීම, බහු විවාහය අහෝසි කිරීම,  කාතිවරුන් ලෙස කාන්තාවන්ට ද පත්වීමට අවස්ථාව සැලසීම යන යෝජනා මේ වනවිට මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සංශෝධනයට  අදාලව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබේ.

විවාහ විය යුතු වසය අවුරුදු 18 ලෙස වූ යෝජනාවට විවාහ අපේක්ෂිත තරුණියගේ කැමැත්ත සහ අධිකරණයේ අවසරය මත වයස අවුරුදු 16 -18 අතර ලෙස සංශෝධනය කරන ලෙස  සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය ඉල්ලීමක් කර ඇත.

විවාහය ලියාපදිංචියේ දී තරුණියට අත්සන් කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධව එකඟතාවය පල කර ඇතත් භාරකරුගේ අත්සන අනිවාර්ය කිරිමට ද යෝජනා ඉදිරිපත් වී තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මේ සියල්ල අතර කාති ක්‍රමය අහෝසි කිරීම හා බහු විවාහය අහෝසි කිරීමට උලමාවරු දැඩි විරෝධය පල කර තිබේ.

එමෙන්ම කාතිවරුන් පත් කිරීමේ දී කාන්තාවන්ට ද ඊට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවේ දී නිශ්චිත තීන්දුවක් ගෙන නැත.

මුස්ලිම් විවාහ දික්කසාද නීතිය තුළ සංශෝධනය විය යුතු කරුණු සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තා ක්‍රියාකාරී ජාලයේ සම නිර්මාතෘ ග්‍රීන් අබ්දුල් සරූර් මාධ්‍යයට පවසා තිබුණේ බහු විවාහය අහෝසි කිරීම නොව දැඩි කොන්දේසි සහිතව එය පවත්වාගෙන යෑමට මුස්ලිම් කාන්තා සංවිධාන අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවය.

කාන්තා කාතිවරුන් පත් කිරිමට ඔවුන් ඉල්ලීමක් කර ඇත. මෙම සංශෝධන සම්බන්ධව මුස්ලිම් කාන්තා ප්‍රජාව දැනුම්වත් කිරීමෙන් ඒ සම්බන්ධව ඇති අනවබෝධය මගහැර ගත හැකි  බවත් ස්ලිම් කාන්තා ක්‍රියාකාරී ජාලයේ සම නිර්මාතෘ ග්‍රීන් අබ්දුල් සරූර් පවසා තිබේ.

හිරු නිවුස් –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනි ගන්නා බන්ධනාගාර සිස්ටම් එක වෙනස් කළේ මම ! මට කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ලොහාන් රත්වත්ත

Next Post

ලිංගික සේවයට කතුන් ඔන්ලයින් විකිණූ අයකු කලවානේදී අත්අඩංගුවට

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.