-
දැන් බස්නාහිර ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන්ට මුදල් අය කර ටියුෂන් දෙන්න පුලුවන්… මහින්ද ජයසිංහ ලයිව් ඇවිත් තමන්ගේ දේශපාලන මැදිහත්වීම ගැන පැහැදිලි කරයි!
තමන් මැදිහත් වී ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය විසින් නිකුත් කර ඇත බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන් සඳහා මුදල් අය කර ටියුෂන් දීම තහනම් කළ චක්‍රලේඛය අත් හිටුවීමට කටයුතු කළ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද ජයසිංහ විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ (23) ප්‍රකාශ කළේය.
ඔහු ප්‍රකාශ කළේ මෙවැනි තීරණයක් ප්‍රකාශ වීමෙන් ගුරුවරුන් කළබලවීම යුක්ති සහගත බවය. බස්නාහිර අධ්‍යාපන කලාපයේ කලාප 11ක විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබිය දී එම ප්‍රශ්න වලට විසඳුම් සොයන්නෙ නැතිව එම ප්‍රශ්න ඒ ආකාරයෙන්ම පවතින විට හදිසියේ මෙවැනි ටියුෂන් තහනම්ක් වනවිට කලබලවීම සිදුවිය හැකි නමුත් ගුරු ගැටලු විසඳීමට ඉතිහාසයක් පුරා තමන් කළ මැදිහත්වීම් අමතක නොකරන්නැයි නියෝජ්‍ය ඇමතිවරයා බස්නාහිර ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.
“පසුගිය සිකුරාදා මේ තොරතුරු ලැබෙනකොට ඒ මොහොතේම ආණ්ඩුකාරතුමා සමග සාකච්ඡා කළා. මා ඔහුට අවධාරණය කළා බස්නාහිර අධ්‍යාපන ලේකම්වරිය ගත් තීරණයේ බරපතලකම. ඔහු පොරොන්දු වුනා සඳුදා දිනයේ දී මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා.
මේ වනවිට ආණඩුකාර ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කරලා තියනවා. තමන් උගන්වන පාසලේ දරුවන්ට මුදල් අය කර අධ්‍යාපනය ලබා දීම පිළිබඳ කාරණයට අදාලව තව දුරටත් අධ්‍යයනය කිරීමෙ අවශ්‍යතාවය ඇති බැවින් අධ්‍යාපන අමත්‍යාංශය සමග සාකච්ඡා කර ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා තෙක් තාවකලිකව එම තීන්දුව අත් හිටුවිමේ තීරණය ගන්නවා කියලා.
ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර තුමාගේ නියෝගය පරිදි අධ්‍යාපන ලේකම්වරියට දැනුම් දී තිබෙනවා මෙය තාවකාලිකව අත් හිටුවන්න කටයුතු කරන්න කියලා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයකට එන තුරු කියන එක.
කවුරුත් කලබල වෙන්න එපා. කලබල වෙලා මට බැන්න අයට කියන්න තියෙන්නේ වෙනදා වගේ නෙමෙයි මට ප්‍රශ්නවලට මැදිහත් වෙන්න වෙලා තියෙන්නෙ. මම ආණ්ඩුවේ නියෝජිතයෙක්… නියෝජ්‍ය ඇමතිවරයෙක්… ඒ නිසාම මේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න තියෙන්නෙ වෙනදාට වඩා වෙනස් විදියට. ඒ මැදිහත්වීම වෙනදා වගේ නොපෙනෙන්න පුලුවන්කම තියනවා.
මුදල් අයකර තමන්ගේ පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බස්නාහිර පළාත් අධ්‍යාපනන ලේකම්වරිය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛයට තමන්ගේ මැදිහත්වීම ඒ ආකාර බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේය.







