දිනසේන රතුගමගේ –
යාපනය වඩමරච්චි උඩුතුරෙයි මුහුදු වෙරලට නාදුනන බෝට්ටුවක් ඊයේ (23 ) සවස ගොඩ ගසා තිබේ.
පළාතේ ධීවරයින් විසින් මෙම බෝට්ටුව දැක ඇතත් එම බෝට්ටුවේ කිසිවෙකු නොසිටි බව එම ධීවරයින් පේදුරුතුඩුව පොලීසියට පවසා තිබේ.
බෝට්ටුවේ OFRP-6224JFN යනුවෙන් සඳහන් කොට ඇති නිසා එය ඉන්දියාවේ කිසියම් ධීවර සංගමයක ලියාපදිංචි කරන ලද බෝට්ටුවක් බවට පොලීසිය හා නාවික හමුදාව සැක පහල කරයි.
ධීවරයින් පිරිසක් ධීවර කටයුතුවල නිරතව සිටියදී බෝට්ටුව අනතුරට පත් වී බෝට්ටුව අත්හැරීමෙන් වෙරළට ගසා ගෙන පැමිණියේද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම බෝට්ටුව පිළිබදව පොලීසිය හා නාවික හමුදාව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලය වෙතද තොරතුරු දැණුම් දී ඇත.







