අද (09) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබේ.
ජනරාල් තුෂාර උපුල්දෙනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 10ක කාලයක් ප්රකාශ ලබාගෙන තිබිණි.
ඒ, ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ය.
ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහොය දිනයේ නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ දෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.
පෙරේදා ඔහු පැය 05ක් පුරා ප්රශ්නකිරීමකට ලක් විය.
විමර්ශනයේ වැඩිදුර කටයුතු සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීමට මේ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.







