බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්ධනාගාර කියන්නේ අපරාධකරුවන් බිහි කරන ෆැක්ටරි… මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කියන වටිනා කතාවක්!

by editor
ජනවාරි 14, 2026
in පුවත්
Lalith-Pathinayaka

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක..

Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ – 

අපරාධ කරුවන් බිහි කරන ෆැක්ටරි බවට බන්ධනාගාර පත්ව ඇතැයි මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක  පවසයි.

මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සමඟ අත්අඩංගුවට පත්වන ඇතැම් පුද්ගලයින් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතවන බවත් ඔවුන් සමහරක් බන්ධනාගාරය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඉන් පැමිණෙන්නේ  අපරාධකරුවෙකු වීම සඳහා වන පසුබිමක් ඇතිව බවත් ඔහු කීවේය..

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම් වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික් සභාව පිහිටුවීම නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක   මෙසේද පැවසුවේය.

“ඉතාම සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කටයුතු කරත්දී මත්කුඩු පැකට් එකක් සමඟ පොලීසිය අත්අඩංගුවට ගන්නා ඇතැම් පුද්ගලයින් දඩ ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වෙනවා. මේ පුද්ගලයා බන්ධනාගාර ගතවීමෙන් ඇතැම් විට ඔහුගේ පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. බන්ධනාගාරවල පහසුකම් අඩුවීම තුළ මෙවැනි අය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙන් වෙන්කර තැබීමට නොහැකියි.  මේ නිසා ඔවුන් බන්ධානාගාරය තුළදී ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වෙනවා. මත්ද්‍රව්‍ය පැකට් එකක් සමඟ අත්අඩංගුවට ගන්නා පුද්ගලයා බන්ධනාගාරයට යොමුකර අපි අපරාධකාරයෙක් එළියට ගන්නවා. මේ ක්‍රියාවලිය තුළ එක පැත්තකින් බන්ධනාගාර අද අපරාධකරුවන් බිහිකරන ෆැක්ටරි බවට පත්වෙනවා. “

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Police

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් රෝගින් මිස අපරාධකරුවන් නොවේ…

“මත්ද්‍රව්‍ය සඳහා පවතින ඉල්ලුම අඩු කළොත් සැපයුම අඩාල කරන එක අසීරු නැහැ. පුනරුත්ථාපනය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයින් සංඛ්‍යාව ඉතා අවමයි. මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම රෝගී තත්ත්වයක් කියන මට්ටමකට අපේ ජනතාවගේ මනස හදා ගන්න තාමත් අපට නොහැකි වී තිබෙනවා.මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයෙක් අපරාධකරුවෙක් විදිහට දකින්න තමයි සමාජය පුරුදුවී සිටින්නේ. එම පුද්ගලයාව අත්අඩංගුවට අරන් පුළුවන් නම් දෙක තුනක් ගහලා බන්ධනාගාර ගත කිරීම තමයි සමාජය පොලීසියෙන් අපේක්ෂා කරන්නේ. මෙතනින් එළියට ජන මනස ගොඩනැගීම සඳහා යාන්ත්‍රණයක් නොමැතිව මේක සාර්ථකව කරන්න අමාරුයි.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වලක්වා ගැනීම සඳහාවන යාන්ත්‍රණය ශක්තමත් නැහැ. අපි කොතෙක් දැනුවත් කිරීම් කළත් ප්‍රතිපල අඩුයි. සමහර දැනුවත් කිරීම් නොදැනුවත්වම මත්ද්‍රව්‍ය ප්‍රචාරණ වැඩපිළිවෙළක් බවට පත්වෙලා. මත්ද්‍රව්‍ය වලට එරෙහිව ගමේ වැඩ කරන තරුණ ප්‍රජාවට ඒ කරන කැපකිරීම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලබාදෙන්න පුළුවන් නම් හොඳයි. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවකට යාමේදී ඔහුට යම් ප්‍රමුඛත්වයක් ලබාදෙන වැඩපිළිවෙළක් අවශ්‍යයයි. එවැනි ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ප්‍රජාව ඉදිරිපත් වෙනවා.

අස්වැසුම ලබා ගන්නා පවුල් අතර මත්ද්‍රව්‍ය භාවිත කරන අය ඉන්නවා නම් එය ලබාදීම සඳහා ස්වේඡාවෙන් පුනරුත්ථාපනය සඳහා යොමුවන ලෙස බලපෑමක් කළ හැකියි. නීතිය ක්‍රියාත්මක කිරීමෙන් එළියට ගොස් මෙවැනි දේ කළ හැකිද යන්න සම්බන්ධයෙන් සලකා බැලීම වටිනවා.

මහජන ආරක්ෂක කමිටු අලුත් විය යුතුයි

මහජන ආරක්ෂක කමිටුවලට සහභාගි වෙන්නේ ගමේ හැම කමිටුවකම ඉන්න පිරිසයි. මේ අයට කරන්න පුළුවන් බලපෑම් අඩුයි. මත්ද්‍රව්‍ය වලට යොමු වූවන් හඳුනා ගැනීම හා පුනරුත්ථාපනයට යොමු කිරීම සම්බන්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට නම් ග්‍රාම නිලධාරී ඇතුළු ගම නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් කමිටු තුළට අන්තර්ග්‍රහණය කළ යුතුයි. රාජ්‍ය නිලධාරීන් මෙහි කොටසක් කර නොගෙන පොලිස් නිලධාරියාට හා ගමේ පන්සලේ හාමුදුරුවන්ට පමණක් මේක තනිවම කරන්න බැහැ.

පසුගියදා මහනුවර මගී ප්‍රවාහන බස් තුනක් පරීක්ෂා කළා. තුනේම රියදුරන් අයිස් හා හෙරෝයින් දෙකම පාවචිච් කරනවා. කොන්දොස්තරවරු දෙන්නෙකුත් මේවා භාවිත කරනවා. අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළාට පස්සේ මේ අය රැකියාවට එන්නේ නැහැ. මේ නිසා එක් පැත්තකින් ඔවුන්ගේ පවුලේ ආර්ථිකය කඩා වැටෙනවා.

මේ අය අපරාධකාරයෝ විදිහට නොදැකිය යුතුයි. ඒ නරක ලේබල් එක අපේ මනසින් ඉවත් කළොත් ඒ අය ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයට ඉදිරිපත් වෙයි.

ජාවාරම්කරුවන්ට එරෙහි සාර්ථක මෙහෙයුමකට නම්…

ජාවාරම්කරුවන් ඉතාම සූක්ෂමයි. විදේශ රටවල ඉඳලා මේක මෙහෙයවනවා. මියගිය අයගේ වගේම යාචකයින්ගේ හැඳුනුම්පත් භාවිත කරමින් දුරකතන සිම් පත් වගේම බැංකු ගිණුම් විවෘත කරනවා. ජාලයේ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට අරන් පරීක්ෂණ කර දුරකතන විශේලේෂණ වාර්තා ගත්තම හඳුනා ගන්න කෙනෙක් නැහැ. එක්කෝ ඒ පුද්ගලයා මිය ගිහින් නැත්නම් ඉතාම දුප්පත් අසරණ කෙනෙක්.

මේ ජාවාරම්කරුවන් පවත්වාගෙන යන ගිණුම් වලට දෛනිකව රුපියල් 2000-3000 බැගින් අවස්ථා ගණනාවකදී මුදල් වැටෙනවා. බැංකු නිලධාරීන් මේක දන්නවා. ප්‍රාදේශීය පොලීසියක ස්ථානාධිපතිවරයෙකුට මේ ගිණුම් විස්තර දෙන්න බැංකු කළමනාකාරවරුන්ට නීතිමය හැකියාවක් නැහැ. මහ බැංකුවේ මූල්‍ය අපරාධ ඒකකය දැනුම් දීලා මේ විස්තර ගන්නකොට කාලයක් යනවා. එතකොට කෝටි ගණනක මුදල් මේ ගිණුම් වල සංසරණය වෙලා ඉවරයි.

ග්‍රාමීය වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කරන්න නම් ගම් තුළ හොඳ තොරතුරු ජාලයක් තිබිය යුතුයි. එය කළ හැකි වන්නේ ශක්තිමත් ප්‍රජා කණ්ඩායමක් ගොඩනැගීමෙන් පමණයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවරට වෙච්චි දේ… අයිස් මත්ද්‍රව්‍ය භාවිතය 2025 දී පස් ගුණයකින් වැඩි වෙලා!

Next Post

ඇමරිකාව රටවල් 75 ක සියලුම සංක්‍රමණික වීසා සැකසුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.