ශ්‍රියානි විජේසිංහ –
බදුල්ල මයියංගනය මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී පෙරේදා (1) සිදුවූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලයේ තුවාල ලැබූ සිසුන් සුවය ලබමින් සිටින බවත් තුවාල කරුවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් තිබෙන බැවින් තුවාලකරුවන් කොළඹ රැගෙන යාමට අවශ්‍ය නොවන බවත් බදුල්ල මහරෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේය.
දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කල බස්රථයේ රියදුරු ඇතුලු සිසුන් 8 දෙනාම සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටින නමුත් ඔවුන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිය යුතු කාලය තවත් කොතෙක්ද යන්න කිව නොහැකි බවත් වෛද්‍ය රාජපක්ෂ කීවේය
අනතුර සිදුවී තුවාලකරුවන් රෝහලට ඇතුළත් කළ මොහොතේ සිටම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට කණිෂ්ඨ කාර්ය මණ්ඩ සාමාජිකයා දක්වා සියලුම කණ්ඩායම් එකාමෙන් රෝගී සත්කාර සේවයේ යෙදුණු බව හෙතෙම පැවසුවේය.බදුල්ල රෝහල තුළ විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් හෙද නිලධාරින් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩ සාමාජිකයින් ඇතුළ සමස්ථ සෞඛ්‍ය සේවාවටම අයත් වූ පිරිස සිටිය නමුත් තවත් අවශ්‍ය පුහුණු කාර්ය මණ්ඩල යාබද රෝහල්වලින් කැඳවා ගැනීමට කටයුතු කළ බවද වෛද්‍ය රාජපක්ෂ ප්‍රකාශ කළේය.
මෙම අනතුරින් සිසුවියන් දෙදෙනෙකු මිය ගිය අතර බස් රථයේ ගමන් ගත් 39ක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවේය.







