නෙච්චියාගම පී.ඩී.ජී ඇග්රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදල ලබා නොදී වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවක් මත අධිකරණයට ඉදිරිපත් කළ මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝසියස් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්රධාන මයේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය අද (06) නියෝග කළේය.
ඇපකරුවන් පවුලේ ළඟම ඥාතීන් විය යුතු බව ද නියෝග කළ ප්රධාන මහේස්ත්රාත්වරයා සැකාකාර අර්ජුන ඇලෝසියස්ට විදේශ ගත වීම වලකාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කළේය.
රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විදිමින සැකකාර අර්ජුන ඇලෝසියස් යළි 2025 වසරේ පෙබරවාරි මස 10 දින අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්රධාන මයේස්ත්රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කළේය.
වරින් වර අවස්ථා තුනකදී මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් නාලක සංජීව ජයසූරිය සියලු පාර්ශවයන්ගේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගෙන සැකකාර අර්ජුන ඇලෝසියස්ට ඇප නියම කරමින් ප්රකාශ කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුව මෙම සැකකරුගෙන් ප්රකාශයක් පවා ලබා නොගෙන මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීම මෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම ද ගැටලු සහගත බවය.
අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුව අසම්පූර්ණ සහ දෝෂ සහිත වැඩිදුර වාර්තා මෙන්ම අධිකරණ නියෝග ඉල්ලා සිටීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම මෙහිදී අධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළ ප්රධාන මහේස්ත්රාත්වරයා වැඩිදුර වාර්තා සහ වෙනත් ලේඛණ අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී මීට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙසටද අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුවට දනුම් දුන්නේය.
නොච්චියාගම පී ඩී ජී ඇග්රෝ බිස්නස් පුද්ගලික සමාගෙමි කළමනාකාර අධ්යක්ෂ ප්රසාද් දිලංක යන අය අපරාධ පරික්ෂණ දෙපාර්තෙමින්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවීමෙන් පසු බන්ධනාගාරය මගින් සැකකරු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ( උපාලි ආනන්ද – ලංකාදීප )







