බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

PAYE ටැක්ස් එක අනිවාර්යයෙන් සංශෝධනය කරනවා… මාර්තුවේ දී ඒ සහනය ලැබේවි… ජනපති සහතික වෙයි!

by editor
නොවැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

උපයනවිට ගෙවීමේ බද්දේ සංශෝධනයක් අනිවාර්යයෙන්ම ලබන මාර්තු මස ඉදිරිපත් කරන නව ආණ්ඩුවේ අයවැයෙන් ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.  එම සංශෝධනය අනුව ඉහළ වැටුපක් ලබා ගන්නා අයට අඩු ප්‍රතිශතයකිනුත්, පහළ වැටුපක් ලබගන්නා අය සඳහා වැඩි ප්‍රතිශතකයකිනුත් ලැබෙනු ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඊයේ (06) සිරස රූපවාහිනියේ සටන දේශපාලන වැඩසටහන සමග එක් වූ ජනාධිපතිවරයා පැහැදිලි කළේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් නොවී තමන් පොරොන්දු වූ ආකාරයට බදු සම්බන්ධව සංශෝධන කිරීම සිදුකරන බවය. ජනාධිපතිවරණයට පෙර ජනතාවට පොරොන්දු වූ ආකාරයට භාණ්ඩ කීපයක බදු අඩු කිරීම සම්බන්ධව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල සමග සිය ආර්ථික කණ්ඩායම සාකච්ඡා කළ බව කී ජනාධිපතිවරයා ආර්ථික ඉලක්ක සම්පූර්ණ කරගත යුත්තේ ජනතාවට ජීවත්වීමේ හිමිකම ලබාදෙමින් බවය. එසේ නොමැතිව ලබා ගන්නා ආර්ථික ඉලක්ක ඵලදායී නොවන බවය.

එහිදී ජනාධිපතිවරයා දීර්ඝ ලෙසකරුණු දක්වමින් මෙසේ පැවසුවේය.

“අප හැමදෙනාම ජීවත් වීමට සරිලන ආර්ථිකයක් නිර්මාණය කිරීම තමයි අපේ අපේක්ෂාව. අපට ආණ්ඩුව ලැබෙන්නේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට පැමිණුනන පාලනයක්. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල විසින් අපට හික්මීමකට පත් කරන ලද පරාමිතීන් ගණනාවක් අපට දීලා තියනවා.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එහි එකක් තමයි 2025 වසරේ දී අපේ ජාතික ආදායම දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 15ක් දක්වා ඉහළ දැමීම. මේ අවුරුද්දේ 13.8යි. ලබන අවුරුද්දේ අපි සියයට 15ක් අපේක්ෂා කරනවා

ලබන අවුරුද්දේ අතිරේක වශයෙන් දළ ජාතික නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස 1.2ක් අවශ්‍යයයි. ඒ ප්‍රෝග්‍රෑම් එකේ යනවා නම්. දෙවැනි එක අපට තියනවා 2025 දි අපේ ප්‍රාථමික ගිනුමේ ධන ශේෂයක් 2.3ක තබාගන්න. ඒ තමයි 2025 වසරේ අපට තියන ආසන්නම ඉලක්ක අප විසින් සම්පූර්ණ කළ යුතු. ඒ වගේම 2032 දී අපි ණය බර සියයට 95 දක්වා අඩු කරගත යුතුයි. මේ වගේ පරාමිතීන් ගණනාවක් යටතේ තමයි අපි වැඩ කරන්නේ.

එතකොට අපට පාරවල් දෙකක් තියනවා. එකක් තමයි ඒ පරාමිතීන් නොසලකා හැර මේ වැඩසටහනෙන් එළියට ඇවිත් පාලනය කරන එක. දෙවැනි එක අපට තියනවා මේ වැඩසටහන ඇතුළෙ ඉඳිමින් වඩාත් යහපත් දිසාවට ක්‍රියාමාර්ග තෝරා ගන්නා එක.

මම හිතනවා අපේ රටේ ආර්ථිකයට මේ මොහොතේ දී එළියට එන්න බෑ. මොකද එවැනි විශාල කම්පනයක් අපේ රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නෑ. ප්‍රෝග්‍රෑම් එකට ඇතුළු වෙන්න කලින් අපට තිබුණා නම් අපට වෙන සාකච්ඡා තිබුණා. දැන් අප වැඩසටහන ඇතුළේ ඉන්නෙ

අපේ රටේ ආර්ථිකය ඉතාම සිහින් රේඛාවක තියෙන්නේ. අපට ලොකු කම්පනයක් මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නෑ. ඒ නිසා අපි මේ වැඩටහන තුළ යා යුතුයි. ඒ නිසා අපට 2025 දි අයවැය ලේඛණය සකස් කරනකොට අපි අභියෝගයකට මුහුණ දෙනවා. දැන් අපට තියෙන්නේ 13.8යි… අප එය 15 දක්වා වැඩි කළ යුතුයි. අමතර 1.2ක් උපයා ගත යුතුයි.

එතකොට මේ 13.8 ලැබෙන්නේ මේ උපයනවිට ගෙවීම බද්දට ඇතුළත්ව. ඒකෙ යම් සංශෝධනයක් කරනවා නම් ඒ අයින්වන මුදලත් අප උපයා ගත යුතුයි. ඒ වගේම අපි සමහර භාණ්ඩ කීපයක වැට් බදු ඉවත් කිරීම ගැන ජනතාවට පොරොන්දුවක් දීලා තියනවා. ඒකත් අප ඉවත් කරගන්නවා නම් අර 1.2ට වඩා වැඩි ආදායමක් අපි උපයා ගත යුතුයි. ඕක තමයි තියන අභියෝගය.

ඒ වගේම අප තේරුම් ගත යුතු වෙනවා අප ආර්ථික ඉලක්ක සම්පූර්ණ කරගත යුතු වන්නේ ජනතාවට ජීවත් වීමත් උරුම කරමින්. ජීවත් වීම අහිමි කරලා ආර්ථික ඉලක්ක සම්පූර්ණ කරගෙන වැඩක් නෑ. ඒ නිසා අපි ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපේ නිලධාරීන් වොෂින්ටන් ගිහින් සාකච්ඡා කළා. 14 වැනිදා ඔවුන් ලංකාවට එනවා. ඒ නිසා මම විශාල බලාපොරොත්තුවක් තියනවා. PAYE ටැක්ස් එකේ අනිවාර්ය යහපත් සංශෝධනයක් ඇති කරලා දෙනවා. මේ ඉදිරිපත් කරන අයවැය ලේඛනයේ ඒ සහනය ලැබෙනවා. PAYE ටැක්ස් එක වගේම භාණ්ඩ කීපයක වැට් බදු ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

පෙබරවාරි අග සහ මාර්තු මුල වනවිට අලුත් අයවැය ලේඛනයක් සම්මත කරගැනීමේ බලාපොරොත්තුවක් තියනවා. මාර්තු පඩියෙන් PAYE ටැක්ස් එකේ ඒ සහනය ජනතාවට ලැබේවි. යමෙකුගේ වැටුප අඩු තලයක නම් සහනයේ ප්‍රතිශතය වැඩියි. වැටුප ඉහළ තලයක තියනවා නම් ප්‍රතිශතය අඩුයි. ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බදු පොලු තබා හිරේ තපින ඇලෝසියස් කොටි 05ක බඩ ඉරිගු පොල්ලකට අනුරාධපුර අධිකරණයට…

Next Post

ජනපති තල් සංවර්ධන මණ්ඩලයට පත් කළ සභාපති දූෂිතයෙක්… සේවක සේවිකාවෝ විරෝධතා පුවරු ගෙන වීදි බසිති!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.