පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු එම දෙපාර්තමේන්තු කාර්යාලය තුළ දී අද (07) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් දෙමටගොඩ කොලොන්නාව පාරේ පවත්වාගෙන යන ආයතනයක පසුගිය වසරවලට අදාලව ඇති රුපියල් ලක්ෂ 11ක බදු හිඟය ඉවත් කර මේ වර්ෂයට අදාළ බදු නිෂ්කාශන වාර්තාව නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ඇති බවත්, පසුව එම මුදල 50000 දක්වා අඩු කර ඇති බවත් අනාවරණය වී ඇත.
පසුගිය 03 වැනිදා ඉන් රුපියල් 42,000ක මුදලක් මේ නියෝජ්‍ය කොසමාරිස්වරයා විසින් ලබාගෙන ඇති අතර අද ඔහුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්තේ අල්ලසේ හිඟ මුදල වු රුපියල් 8,000ක් ලබා ගනිද්දී ය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.








