පොදු ජන පෙරමුණේ මන්ත්රී පිරිසකගේ විරෝධතාවය මැද ව්යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස අද (22) කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි
තම ඉල්ලා අස්වීමෙන් පසු තම පුරප්පාඩු වූ මන්ත්රී ධුරය වෙනත් අයෙකුට ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ පසුගිය දා ප්රකාශ කර තිබූ අතර ඒ සඳහා ධම්මික පෙරේරා පත් කරනවාට පොදු ජන පෙරමුණේ මන්ත්රීවරු පිරිසක් ද විරෝධය පල කර තිබිණි.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුවන මන්ත්රී ධුරයට ධම්මික පෙරේරාට පත් විය නොහැකි බවට ඉදිරිපත් කර තිබූ පෙත්සම් අධිකරණය ප්රතික්ෂේප කළ නිසා ඔහු අද දිනයේ හදිසියේම දිවුරුම් දීමට තීරණය කරන ලදී.
මේ අතර ඉන්ධන අර්බුදය නිසා අද සිට ජූලි 04 වන දා තෙක් පාර්ලිමේන්තුව කල් තැබෙනු ඇත.







