ඉන්ධන අර්බුදය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර සේවාවන් පවත්වොගන යාම ඉතා අසීරු වී ඇති බවත් ලබන සිකුරුදා දිනය වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන නොලැබුණහොත් ප්‍රතිකාර සේවාවන් කඩා වැටීම නතර කළ නොහැකි වනු ඇතැයි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.
ඉන්ධන අර්බුධය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට නියමිත වේලාවට රෝහල වෙත පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි අප කළ විමසුමකට පිලිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකරය සඳහන් කළේය
විශේෂඥ වෛද්‍යවරුන්ට දිගුවේලාවක් පෝලිම්වල රැදී සිටීමට සිදුවීම හේතුවෙන් ඇතැම් ශල්‍යකර්ම පවා පමා කිරීමට සිදුව ඇති බව රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසිය.
එසේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක් පොදු ප්‍රවාහනය භාවිත කරමින් සේවයට වාර්තා කිරීමක් දක්නට ලැබෙන බවද අධ්‍යක්ෂ ජයසේකර පැවසීය.