සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කොල්ලො දිනුම්… අවුරුදු 31කට පසු තරගාවලි ජයක්… ඉතිහාසය වෙනස් කළ තරගාවලියක්….

by editor
ජූනි 21, 2022 - Updated on ජූනි 22, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

බොහෝ දුක් පිරිපත අමත වී ගිය බව ලියා තැබිය යුතුය. අවුරුදු 31කට පසු අපි ඔස්ට්‍රේලියාවට එරෙහි  තරගාවලි ජයක් ලබා ඇත්තේමු.  මීට පෙර ශ්‍රී ලංකාව තරගාවලි ජයක් වාර්තා කළේ වර්ෂ 1992 දීය. අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සිටි තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ඒ ජයග්‍රහණය අත් කරගන්නා විට ඉපදී සිටියේත් නැත. එදා ශ්‍රි ලාංකා කණ්ඩායමේ නායකයා අර්ජුණ රණතුංගය.

තරගාවලි ජයග්‍රහණය අත් කරගන්නේ  තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දීය. දසුන් ප්‍රමුඛ කණ්ඩායම ඉතිහාසය වෙනස් කළහ. ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් එක දිගට තරග තුනකින් පරාජය කිරීමෙනි.

කන්න නැති රටක ඉන්ධන ටිකට ගෑස් ටිකට බෙහෙත් ටිකට පෝලිම සැදුණු  සැම අතින්ම අසමත් කළ දුක්ඛිත  රටක ජයග්‍රහණයේ තරු ලකුණක් පායා ඒම මහ මෙරක් තරම් විශාලය. මේ රටේ මිනිස්සු අද වින්දේ ඒ  මහා විසාල සතුටය.

එය ක්‍රිකට් ක්‍රීඩාවේ ආන්නදය කුමක් දැයි  අත්විඳි තියුණු තරගයකි.  අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දුව වනතුරු තරගය අත් නොහැරි ඕසට්‍රේලියානුවන් දසුන් ශානකට අවසන් පන්දු ඕවරයේ දී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරද්දී තරගය අපෙන් ගිලිහෙනු ඇතැයි  හුස්ම හිරවුණු තරගයකි.

ඔවුන් හඹා ගියේ ලකුණු 259ක ඉලක්කයකි. එය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අපහසු ඉලක්කයක් නොවේ.  එහෙත්    අවසන් පන්දුවේ දී අවසානයේ  ඔස්ට්‍රේලියානු කණඩායම ම ලකුනු 254කට  දැවී ගියේය. ලකුණු 05ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩාමට අත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකා ඉනිම

සිවු වන එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වුනේ  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ය.  කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතීත අත්දැකීම් සහිතව පන්දු රැකීම තේරූහ.

ඔස්ට්‍රේලියානුවෝ ශ්‍රි ලංකා මුල් පෙළ සුනු විසුණු කළහ.  නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකි.  පසුගිය තරගය වර්ණවත් කළ පැතුම් නිශ්ශංක ලකුණු 13කි. කුසල් මෙන්ඩිස් ලකුණු 154කි.

ලකුණු 110ක් ලැබූ චරිත්…

මේ මහා බිඳවැටීම මැද නොබිඳි සිටි දැවැන්ත වෘක්ෂය චරිත් අසලංකය. වෘත්තිකයෙකුගේ ක්‍රීඩා විලාශය කුමක් දැයි චරිත් ප්‍රකට කරමින් සිටියේය.  බිඳ වැටෙන ඉනිම එක අන්තයකින් මුලුමනින්ම අල්ලාගෙන මේ තරගය තමන්ගේ තරගයක් කරගැනිමට චරිත්ට හැකි විය. ඔහු පන්දු 106ක දී ලකුණු 110ක් රැස් කළේය.

තරගයට    බලාපොරොත්තුවක් ගෙන ආවේ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංකගේ පස්වන කඩුල්ලවෙනුවෙන් ගොඩනැගුණු සම්බන්ධතාව ය.      ලකුණු 34ට කඩුළු 03ක් බිඳ වැටී ඇති අවස්ථාවේ දැවැන්ත පීඩනය තමන් වෙත ගෙන ලකුණු 101ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නට චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාට හැකි විය.

ධනංජය සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඔහු ලකුණු 60කට දැවී ගියේය.   දුනිත් වෙල්ලාලගේට ලබා ගත හැකි වූයේ ලකුණු 19කි. චාමික කරුණාරත්නට ලකුණු 07කි.

වනිඳු හසරංග නොදැවී සිටියේය.  48 වැනි ඕවරයේ එක් පන්දුවක්වත් ඔහු ක්‍රීඩා කලේ නැත. අනෙක් අන්තයේ සිටි මහීෂ් තීක්ෂණ පන්දු පහක් ක්‍රීඩා කළේය.  ලකුණු ලැබුණේ නැත. අවසන් පන්දුවට පැති මාරුවක් ඔස්ට්‍රේලියානුවෝ අපේක්ෂා කළහ. ඊට අවශ්‍ය ඉඩ ක්‍රීඩකයින් මෑත් කරමින්  ලබා දුන්නේය.

මහීෂ් තීක්ෂණ මේ උගුලට හසුවුනේය. පැති මාරුනොකර අවසන් පන්දුව ඕවරය  ක්‍රීඩා කිරිමට සිටි වනිඳු හසරංග නොවිමසා  48 වැනි ඕවරයේ  අවසන් පන්දුවේ දී  කිසිම විමසීමකින් තොරව ලකුණක් ලබා ගැනීමට පැමිණි මහීෂ් තීක්ෂණ දුවද්දී දැවී ගියේය. වනිඳු නොදැවී ලකුණු 24ක් රැස් කරගෙන සිටියේය.

නියතවම මීට වඩා වැඩි ලකුණකට යා හැකිව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 258කට දැවී ගියේය.

පන්දු යැවීමේ දී ග්ලෙන් මැක්ස්වෙල්  ලකුණු 49කට කඩුල්ලක්, මැතිව් කුහ්නෙමන් ලකුණු 56ට කඩුළු 02ක්, පැට් කුමින්ස් ලකුණු 37ට කඩුලු 02ක්, මිෂෙල් මාෂ් ලකුණු 29ට කඩුළු 02ක්, ලැබූහ.

ඔස්ට්‍රේලියානු ඉනිම

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ය.  ඔහුගේ 19 වැනි එක්දින ශතකය ට එක් ලකුණක් අඩුව තිබියදී  ඔහු  දැවී ගියේය. වෝනර් ධනංජය ද සිල්වා ගේ පන්දුවකට පහරදීමට සීමා ඉරෙන් පිටතට පැමිණි ඇසිල්ලෙන් දක්ෂ ලෙස කඩුල්ල බිඳ දැමූ නිරෝෂන් දික්වැල්ල ඔහු ගේ ඉනිම  නිමා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය  පිලිබඳ හැරවුම් ලක්ෂය එතැනය.

ඩේවිඩ් වෝනර් මෙම ලකුණු 99ට හතරේ පහර 12 ක්  එල්ල කළේය.

ලකුණු දෙසිය 259 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව තුනක් ව තිබියදීය. නායක ඇරොන් ෆින්ච් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වූයේය.

ඉන් අනතුරුව ඩේවිඩ් වෝනර් සහ මිච් මාෂ් අතරේ දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩ නැගුණි. එය බිඳ දැමුවේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේය. මිච් මාෂ් ලකුණු 26කට දවා ගැනීමත් සමගයි

.ඉන්පසු මානස් ලබුස්චග්න්   ලකුනු 14 ටත්, ඇලෙක්ස් කෙරී  ලකුණු 19 කටත් ට්‍රැවිස් හෙඩ් ලකුණු 27 කටත් දවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නෝ සමත් වූහ

මේ අතර එක් අන්තයක් අත් නොහැර රැඳී සිටි ඩේවිඩ් වෝනර් සමග එක්වූයේ  මෙම තරගාවලිය පුරාව ම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් හිසරදයක් වූ ග්ලෙන් මැක්ස්වෙල්ය.

තරගය වෙනස් කළ වැන්ඩර්සේ…

එහෙත් මැක්ස්වෙල්  එක් ලකුණක් ලබා සිටියදී දවා ගන්නට මහීෂ් තීක්ෂණ සමත් වුණේය. දැන් දැන් ජයග්‍රහණය පිලිබඳ සියුම් බලාපොරොත්තු මෝදු වෙමින් තිබිණි.

ඒ වන විට ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ   කඩුලු 7ක් ලකුණු 192 කට දැවී ගොස් තිබිණි.  තරගය ශ්‍රී ලංකා පන්දු යවන්නො මැනවින් පාලනය කළහ. 48 වැනි පන්දු වාරය යැවූ චාමික කරුණාරත්න පිතිකරු ලයිස්තුව අග ශක්තිමත් කරමින් සිටි පැට් කුමින්ස් දවා ගත්තේය. දැන් ලකුණු 240ට කඩුලු 09කි.

අවසන් පන්දු ඕවරය යවන්නට දසුන් ශානක පන්දුව අතට ගන්නා විට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුළු 9ක් දැවී තිබිණි. ලකුණු 19ක ජයග්‍රාහී ඉලක්කයක් ඔවුන් සතු විය.

දසුන්ගේ පළමු පන්දුව නිලකුණු පන්දුවකි. එහෙත් දෙවැනි පන්දුවට හතරේ පහරකි. තුන්වන පන්දුවට ලකුණු දෙකකි. හතරවන සහ පස්වන පන්දු වලටත් හතරේ පහරය. ලකුණු 19න් ලකුණු 14ක් පන්දු 05 තුළ ඔස්ට්‍රේලියානුවන් ලබාගෙනය.

ක්‍රීඩාගාරය  ගල් වී තිබිණි.  අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල වන්නේ නම් තරගය ජය පරාජයෙන් තොරය. එය හතරේ සීමාවට ඉහළින් ගියොත් තරගයේ දිනුම ඔස්ට්‍රේලියානුවන්ටය.  එහෙත් අවසන් පන්දුවේ එල්ල කිරීමට ගිය දැවැන්ත පහර කවර්ස්හි පන්දු රකිමින් සිටි චරිත් අසලංක අතට උඩ පන්දුවක් ලෙස ඇදී ගියේය.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න පන්දු ඕවර 05ක් යවා ලකුණු 19ට කඩුලු 02ක් ලැබුවේය. මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 10ක් යවා ලකුණු 40ට කඩුල්ලක්,  වනිදු හසරංග පන්දු ඕවර 10ක් යවා ලකුණු 52ට කඩුල්ලක්, දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර 05ක් යවා ලකුණු 29ට කඩුල්ලක්, ධනංජය ද සිල්වා පන්දු ඕවර 10ක් යවා ලකුණු 39ට කඩුළු 2ක්, ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු ඕවර 07ක් යවා ලකුණු 40ට කඩුළු 02ක්, දසුන් ශානක පන්දු ඕවර 02ක් යවා ලකුණු 27ට කඩුල්ලක් දවා ගත්තේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිලියන ගණනක මාටියා ගැසූ බදු ධමිමික පෙරේරා හිටි හැටියේ ගෙවයි…

Next Post

සිකුරාදා වනවට සෞඛ්‍ය කාර්ය මණ්ලයේ ඉන්ධන ප්‍රශ්නය විසඳුනේ නැතිනම් අපේක්ෂා රෝහලේ අනතුරේ…  

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.