දිනසේන රතුගමගේ
යාපනය අච්චුවේලී පොලිසිය ඉදිරියට පැමිණි පුද්ගලයෙකු පොලිසියට විරෝධය දක්වමින් සිය සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිණි තබා ගැනීමට 17 දා උත්සහ කොට තිබේ.
යාපනයේ ආවරංගල් ප්රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ දියණියට පුද්ගලයෙකු උසුලු විසුලු කරමින් බොරු කතා ප්රචාරය කරමින් ගිය සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීමට අච්චුවේලී පොලිසිය අපොහොසත් වීම නිසා ඊට විරෝධය පල කරමින් මොහු සිය සිරුරට ගිණි තබා ගැනීමට උත්සහ කොට තිබේ.
යාපනය අධිකරණය විසින් ඉහත කී සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කොට තිබුණද පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට නොගෙන ඔවුන්ට නිදැල්ලේ විසීමට ඉඩකඩ සපයා දුන් බවටද ගිණි තබා ගැනීමට ගිය පුද්ගලයා චෝදනා කොට සිටියි.
කෙසේ වෙතත් ඔහුගේ සිරුරට භූමිතෙල් බෝතලයක්ම වත්කර ගත් පුද්ගලයා සිය සිරුරට ගිණි තබා ගැනීමට සූදනම් වූ අවස්ථාවේදී අච්චුවේලී පොලිසියේ නිලධාරීන් පිරිසක් වහා දිව ගොස් ඔහුව බදා ගෙන ඔසවාගෙන රැගෙන විත් තිබේ.
අච්චුවේලී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







