බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති තුමනි… හයිවේ එක මැද නිධන් හාරන තැනට වැඩේ හැදූ මොළේ අර්ශස් හැදුන වේයන්ගොඩ ඕයිසී ගැන බලාගන්න…

by editor
නොවැම්බර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස්පති තුමා
පොලිස් මූලස්ථානය

මොළේ අර්ශස් හැදුන ඕඅයිසී කෙනෙක් මේ වනවිට අධිකරණයත් අවභාවිතා කරමින් රට පටලවා තිබේ. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට මේ වනවිට නිරාවරණය වෙමින් ඇත්තේ විකෘති මනෝ භාවයක් සහිත එක් රාජ්‍ය නිලධාරියෙකුට අධිකරණය හෑල්ලුවට ලක් කිරිම නොව ආණ්ඩුවක් පවා විහිළුවක් කළ හැකි ආකාරය ගැන තහවුරුවන් සමගය.

පොලිස්පතිවරයාට මේ බව ලියා දන්වන්නේ මෙවැනි ගොබ්බයින් සමග රටට හෝ පොලිසියට යා හැකි දුරක් නැති බව පුරවැසියෙක් ලෙස දැනුම් දීම  සඳහාය.

වේයන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොළොවේ වළලා ඇති නිධාන සම්බන්ධව දැඩි විශ්වාසයක් සහිත ඒ ගැන උනන්දු සහගත පුද්ගලයෙක් බව ප්‍රදේශයේ අදහසක් තිබේ. ජන වහරේ පැනෙනා ආකාරයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවන බිමේ  මේ ස්ථානයේ පොළොව යට තැන්පත් කර ඇති වස්තුවක් පවතින බවට අදහසක් පැවතිනි.   ඒ අදහස මත අවස්ථා ගණනක දී මෙතැන යම් යම් කණ්ඩායම් හාරා තිබුණහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

නිධානයක් යනු  භූ ගර්භය තුළ තැන්පත් කර ඇති වස්තුවක් නම් එය අතීත මානව ක්‍රියාකාරකමකි. ඓතිහාසික මානව ක්‍රියාකාරකම් විද්‍යාත්මකව අධ්‍යනය කරන, එම ක්‍රියාවලිය  අණ පනත් වලින් පාලනයවන, ඒ සදහා  රටේ වගකීම සහිත ශාස්ත්‍රීය ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවය.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය විෂය පථයට අදාලව නීත්‍යානුකූල ලෙස සිදුවන කටයුතුවලට වගකියන අතර   නීති විරෝධී  ක්‍රියාකාරකම් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරවීමට බැඳී සිටින්නේය.

ඒ අනුව අවස්ථා තුනක දී වදුරව ප්‍රශ්නගත භූමියේ නිධාන සොයා සිදුකළ අනවසර කැණීම්වල විද්‍යාත්මක මෙන්ම නීත්‍යානුකූල පැහැදිලි කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබුණේය.

වදුරව  නිධාන සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව මුල්ම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නේ     කොවිඩ් වකවානුවට පෙරය. එම ගවේෂණය කරනු ලබන්නේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශිෂ්ටම ගවේෂණ නිලධාරීන් දෙපෙලක් විසිනි. එම ගවේෂණ වාර්තාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ස්වකීය නිර්දේශ සහිතව අධිකරණයට යොමු කරන්නේය. එහිදී පැහැදිලි ශාස්ත්‍රීය නිගමන වන්නේ  මෙම ස්ථානයේ   කිසිම ඓතිහාසික මානව ක්‍රියාකාරකමක සලකුණු නොපෙන්වන බවය.

දෙවැනි වරත් මෙම ස්ථානයේ කරන අනවසර කැණිමක් මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නේය. දෙවැනි වරද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව අධිකරණයට අවධාරණයෙන් දන්වන්නේ  මේ ස්ථානයේ අතීත මානව සාධය සම්බන්ධව කිසිම සාක්ෂියක් නොමැති බවටය.

නිධානය ඇතැයි සිතන ගල… පුහුල පලා ගොඩ ගන්නට නියමිතය…

වදුරව පන්සලේ ලොකු හාමුදරුවන් ඇතුළු 11 දෙනෙක් නිධන් හොයන්නට ගොස් පොලිසියට මාට්ටු වන්නේ මේ අතරය. නැවත වරක් අධිකරණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවිද්‍යා වාර්තාවක් දෙන ලෙස නියෝග කරන්නේය. ගවේෂණ නිලධාරීන් එම ස්ථානයට යනවිට කැණීම් කළ ස්ථානය  වතුර පිරුණු වළකි. එම ස්ථානයේ සිටි පොලිස් සාජන්ට් වරයෙකුගේ සහය මත වළේ වතුර හින්දා වලට බැස තුන්වන වරටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරීන්  සිය  අධ්‍යයන වාර්තාව   අධිකරණයට ඉදිරිපත් කරන්නේ  මෙම ස්ථානයේ කිසිම අතීත මානව ක්‍රියාකාරකමක පුංචි තොරතුරක් හෝ නොමැති බවය.

වදුරව නිධාන සිද්ධිය මුල්කරගත්  වේයන්ගොඩ ඕඅයිසී ගේ මුග්ධ හැසිරීම අධිකරණය ක්‍රියාවලියේ දී ද තහවුරු වී ඇත. අවසන් අවස්ථාවේ දී අධිකරණය නොමග යවන බොරු කියමින් පොලිස් ස්ථානාධීපතිවරයා මෙම අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයකට පුරාවිද්‍යා නිලධාරීන් නොපැමිණි බවට අධිකරණයට වාර්තා කර තිබිණි. එහෙත් ස්ථානීය පරීක්ෂණය සඳහා සහාය දුන් පොලිස් සැරයන්වරයා  අධිකරණයට ඉදිරිපත් වී පුරාවිද්‍යා නිලධාරින් පැමිණි බව සනාථ කළේය.  ස්ථානීය පරික්ෂණය කරමින් වාර්තාගත කළ ඡායාරූප  පුරාවිද්‍යා නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. තමන් නොදැනුවත්කම නිසා එම ප්‍රකාශය කළ බව පවසමින් වේයන්ගොඩ ඕඅයිසී අධිකරණයෙන් මෙන්ම පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් ද සමාව ගෙන තිබිණි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ විෂය සම්බන්ධව නිශ්ඡිත බලධාරියා වශයෙන් අධිකරණයට තුන් වරක් පැහැදිලි කිරීමක් කර තිබිය දී වේයන්ගොඩ ඕඅයිසී අධිකරණයට පවසන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පොළොව යට පරීක්ෂා කරන තාක්ෂණය නැති බවත්, ඒ තාක්ෂණය විශේෂ කාර්ය බලකාය සතුව ඇති බවත්ය.   ඔහු  පොළොව යට පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව ඉදිරපත් කළ නිර්දේශයන් තිබිය දී ඕඅයිසී ගේ ඉල්ලීමට ඉඩ දුන්නේය.

තාක්ෂණය අතින් ප්‍රශනකාරී උපකරණ යොදා ගනිමින්   විශේෂ කාර්ය බලකාය කරනු ලබන භූ ගර්භ විමර්ශන අනුව පවසන්නේ පොළොව මට්ටමින් මීටර අටකට යට යම් සාධයක් හමුවන බවය.

ඒ අවස්ථාවේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විද්‍යාත්මකව කරුණු දක්වමින් පෙන්වා දෙන්නේ මානව ක්‍රියාකාරකම් සම්බන්ධව සාධක මතුවන්නේ පොළොවේ කුඩු ගල මට්ටමින් බවය. එතැනින් යට පොළොව අභයන්තරය සම්බන්ධව විමසීමක් කරනවා නම් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධීක්ෂණය ලබා ගන්නා ලෙසය.

නැවත්ත මෙම කරුණු ඉදිරිපත් කරමින් වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙම ස්ථානයේ හඳුනාගත් වස්තුව දක්වා කැණීම් කිරීමටත්, එයට බාධාවන ගල් ස්ථරයක් හමුවේ නම් එම ගල් ස්ථරය පුපුරුවා භූ ගර්භ දක්වා කැනීම් කිරීමටත්, අධිකරණයෙන් ඉල්ලා සිටින්නේය. ඒ සඳහා අධිකරණය නියෝගයක් නිකුත් කරන්නේය.

මේ වනවිට අධිවේගී මාර්ගයේ වැඩ නවත්වා රටේ නීතියට වංගු ගසමින් අධිකරණ නියෝග ලබා ගත් වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විශාල ව්‍යසනයක් රටට ඇති කර තිබේ. පළමු කාරණාව අධිකරණය පිළිබඳ ඇති විශ්වාසය ගෞරවය හෑල්ලු කරමින් අධිකරණ තීන්දු ලබා ගැනීමය.

දෙවැනි කාරණාව රටේ සංස්කෘතික මනෝභාවයන් හා බැඳුන නමුත් රටක් ලෙස විනාශකාරී සංකල්පයන් අධිකරණ වලංගුතාවයක් සහිතව මතුකර සමාජය බරපතල ලෙස ව්‍යසනයට ලක් කිරීමය.

තුන්වැනුව රටේ ආණ්ඩුව කිසිවිටකත් බලාපොරොත්තු නොවන ආණ්ඩුවේ දේශපාලන මැදිහත්වීමක් හෝ රාජ්‍ය අපේක්ෂාවකින් තොරව නිලධාරියෙක් විසින් නීතියට වංගු ගසා ලබා ගත් අධිකරණ නියෝගයක් හරහා රජයක් අවඥාවට සහ හෑල්ලුවට ලක් කිරීමය.

කපුවෙකුගේ විසින් නිර්දේශ කර ඇති වෙලාවකට පුහුලක් කපා පොළොව යටින් මේ වනවිට මතු කරගත් කළු ගල ගොඩ ගැනීමට නියමිත බව ස්ථානයේ සිටින ජනතාව පවසති.

පොලිසිය සතු අධිකරණ බලය මේ ලෙස අවභාවිතා කරන එක් නිලධාරියෙක් විසින් දැන් රටට කර ඇති අගතිය ඔබතුමාට රූපවාහනී ප්‍රවෘත්ති නැරඹුවහොත් දැක ගත හැකිය. ඔය ගලේ ඇති ලබ්බක් නැති බව අද හවස් වනවිට තහවුරු වන බව විචාර බුද්ධියක් සහිත ඔබතුමාට අමුතුවෙන් දැන්විය යුතු නැත. බහිරවයා වෙන තැනකට නිධානය ඇද ඇති බව දැන් මිනිස්සු කියනු අසා සිටිමු. සමහරවිට ඕඅයිසීත් අද හවස් වනවිට ඔය කතාව කියන්නට පුලුවන.

අප විශ්වාස කරන්නේ මෙවැනි ආචීරණ කල්පිත මතවාද සහිත අසංස්කෘතික ගල් වැද්දන් පොලිස් දෙපාර්තමේන්තුව වැනි ස්ථානවල බලයක් සහිතව හැසිරීමේ බිහිසුණු ආදිනව වදුරවදී අනාවරණය වී ඇති බවය. එවැනි පුංචි මොළවලට  සීමා ලකුණු කිරීම සඳහා ස්වභාවික නීතියේ ඇති අණ පනත් සහ මූලධර්ම නොසලකා හැර සිදුකරන මේ පොලිස් හැසිරීම යහපත් රටක් නිර්මාණය කිරීම සඳහා බාධාවක් බව පුරවැසියෙක් ලෙස විශ්වාස කරමි.

ඔහු සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමි. මේ පොලිස් නිලධාරියාගේ හැසිරීමට වෙනමත්, මෙම අධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ඉහළ අධිකරණයකත් නඩු කටයුත්තක් ගොනු කිරීමට සිවිල් වැසියන් පිරිසක් සූදානමින් සිටින බවද ඔබතුමාට දන්වමි.

යහපත් රටක් ඔබතුමාගේ ප්‍රාර්ථනාව බව දනිමි. යහපත් රටක් අපේක්ෂා කරන පුරවැසියෙක් ලෙස පුරවැසි වගකීම ඉටුකිරිම සඳහා මේ කරුණු ඔබතුමා වෙත ලියා ඉදිරිපත් කරමි.

ස්තුතියි
ජානක ලියනආරච්චි
( ශ්‍රී ලංකා පුරවැසි)

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුද්ගලික ප්‍රශ්නයක් පොලිසිය බොරු නඩු 38ක් දාලා… මහියංගනයේ පස් දරු මව ප්‍රධාන කුඩු නඩුවෙන් නිදොස්කොට නිදහස් වෙයි…

Next Post

අලුත් අනියම් සැමියා හා   එක්ව අනියම් බිරිය තම පරණ අනියම් සැමියාගේ ගෙල කපා ඝාතනය කරලා…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.