ජනවාරි 01 වැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී COVID-19 එන්නත්කරණ සම්පූර්ණ කළ බව තහවුරු කරන කාඩ්පත අනිවාර්ය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා කියයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද නව පත්‍රිකාවකට ප්‍රකාශ කර තිබුණේ ජනවාරි පළමුවැනිදා සිට පොදු ස්ථානවලට පැමිණීමට එන්නත් කාඩ්පත අනිවාර්ය කරන බවය.
පොදු ස්ථාන නැරඹීමට එන්නත් ලබාදීම අනිවාර්ය කිරීමට ප්‍රධානතම හේතුව ලෙස මහජනතාව කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපැදීම බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.







