සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය සරසවි කෞතුකාගාරයේ පුරාවස්තු අතුරුදහන් වී නෑ… උප කුලපති නිවේදනයක් නිකුත් කරමින් සහතික වෙයි!

by editor
ජනවාරි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයට අනුබද්ධ පුරාවිද්‍යා අංශය විසින් කළමනාකරණය කරනු ලබන සෙනරත් පරණවිතාන අධ්‍යයන හා පර්යේෂණ කෞතුකාගාරයේ ඇත් දළ කෞතුක වස්තු ඇතුළු අයිතම කෞතුකාගාරයෙන් මෑත කාලයක දී අතුරුදහන් වී ඇති බවට ඇඟවෙන ප්‍රවෘත්ති තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, අතුරුදහන් වූ බව පැවසෙන පුරාවස්තු ලේඛනගත කර විශ්වවිද්‍යාලය භාරයේ සුරක්ෂිතව පවතින බවත් ප්‍රකාශ කරමින් පේරාදෙණිය  විශ්වවිද්‍යාලය මගින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ අතුරුදහන් වී ඇති බව කියන ඇත් දළ කැටයම් ඇතුළුව සියලුම කෞතුක වස්තු ලේඛනගතකර විශ්ව විද්‍යාලයේ භාරයේ ආරක්ෂිතව පවතින බවට මහජනතාවට සහතික වන බවය.

කෙසේ වෙතත් ඇත්දළමුවා පුරාවස්තු හතරක් අතුරුදහන්වී ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව අධිකරණ නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙම කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව උපකුලපතිවරයා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, විශේෂඥ කමිටුවක සහාය ඇතිව සිදු කරන ලද පරීක්ෂණ අවසන් කර ඇති බවත් අවසන් වාර්තාව ඉක්මනින් අපේක්ෂා කරන බවත් උපකුලපතිවරයා නිවේදනයෙන් දන්වා සිටී.

වසා දමා ඇති සෙනරත් පරණවිතාන අධ්‍යයන හා පර්යේෂණ කෞතුකාගාරය, දැනට පවතින ලේඛනගතකිරීමේ ක්‍රියාවලිය අවසන් කර කෞතුක වස්තුවල ආරක්ෂාව සහතික කළ පසු, විශ්ව විද්‍යාල සිසුන්ට සහ මහජනතාවට නැවත විවෘත කරනු ලබන බව ඔහු එම නිවේදනයෙන් කියයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය නොසැලී සිටින බවත්,  කෞතුකාගාරයේ සහ එහි එකතුවෙහි අඛණ්ඩතාව සහතික කරන බවත්, අපගේ සියලු මෙහෙයුම් වලදී විනිවිදභාවය සහ වගවීම පිළිබඳ ඉහළම ප්‍රමිතීන් අපි ආරක්ෂා කරන බවත් උපකුලපතිවරයා සහතික වෙයි.

කෙසේ වෙතත් පුරාවස්තු අතුරුදහන්වීමක් සම්බන්ධව දියත් වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනය පසුගිය සතියේ දින දෙකක් පුරා කෞතුකාගාරය තුළ පැවැත්විනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෙනරත් පරණවිතාන කෞතුකාගාරයේ පුරාවස්තු අතුරුදහන්වීමක් සිදුවී තිබේ ද, එවැනි සිද්ධියක් වාර්තාව වන්නේ නම් ඊට විශ්වවිද්‍යාල පරිපාලනය සම්බන්ධ ද යන කාරණා මෙම විමර්ශන ක්‍රියාවලියේ දී අවධානයට ලක් වී ඇති ආකාරය සම්බන්ධව ඉකුත් සතියේ ලංකාසර වාර්තා කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහකනදරා ව්‍යාපාරයේ කුඹුරුවල හඳුනා නොගත් රෝගයක් පැතිරෙයි!

Next Post

හරක් හොරා පොලිස්ලා ගේ වැඩ තහනම්… 

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.