සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පූජිත්ට එරෙහි පාස්කු නඩුව පවරන්නේ නැතිව ඉන්න තිබුණු බව අධිකරණය කියයි!…

ලේඛන අසම්පූර්ණයි... පරස්පරයි... මුල් ලේඛනවලින් කොටසක් නෑ.... නඩුව විසිවෙන ලකුණු...

by editor
ජනවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේක වැරදි ආදර්ශයක්. මේ නිසා අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාවගේ ඇති විශ්වාසයත් පලුදු වෙනවා…

පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව   නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කර තිබෙන ලේඛන පිරික්සීමේ දී මෙම නඩුව ගොනු නොකර සිටිය යුතුව තිබූ බවයි පෙනී යන්නේ යැයි  එම නඩුව විභාගයේ යෙදෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික  ආදිත්‍ය පටබැඳිගේ අද (19) අධිකරණයේ දී පැවසීය.

විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුර මඩුල්ලක් ඉදිරියේ අද යළි විභාගයට ගත් අවස්ථාවේ දී ය.

හිටපු පොලිස්පතිවරයාට එරෙහිව පවරා ඇති නඩුවේ ඇතැම් ලේඛනවල පරස්පරතා ඇති බවට  නිරීක්ෂණය කරමින් විනිසුරුවරයා මෙම ප්‍රකාශය කළේය

නඩුවේ සාක්ෂියට කැඳවා තිබුණේ විත්තිකාර පූජීති ජයසුන්දර පොලිස්පති ධුරය දැරෑ සමයේ ඔහු යටතේ රාජකාරි කළ  බුද්ධි වාර්තා පවත්වා ගැනීමේ අංශයේ නිලධාරියෙකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මුල් ලේඛන නෑ…

එහිදී පැමිණිල්ලේ සාක්ෂි ලෙස රාජ්‍ය බුද්ධි සේවය විසින් විත‍්තිකාර පූජිත් ජයසුන්දර වෙත යොමුකර තිබූ බුද්ධි වාර්තා අඩංගු ලේඛන 38ක  මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත්  කළේය.

මේ අවස්ථාවේ දී පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර්  ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ තමා විසින් ලකුණුකර තැබූ ලේඛනවලින්    ලේඛන හයක මුලි පිටපත් නොමැති බවය.

එමෙන්ම එක් ලේඛනයක මුල් පිටපත සාක්ෂිකරු විසින් රැගෙනවිත් නැති බව ද ඔහු අධිකරණයට දන්වා සිටියේය.

අසම්පූර්ණයි – පරස්පරයි…

අනතුරුව සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න මාර්ගයෙන් අදාල මුල් ලේඛන ලකුණු කිරීම ආරම්භ කෙරිනි. එහිදී ඇතැම් ලේඛනවල ඇති අසම්පූර්ණතාවයන්සහ පරස්පරතා අධිකරණයේ නිරීක්ෂණයට ලක් විය.

මේ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික  ආදිත්‍ය පටබැඳිගේ ප්‍රකාශ කළේ  යම් විමර්ශනයක්  සිදුකළ විට ඊට අදාල සම්පූර්ණ වාර්තා අධිකරණයට හා නිතීපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බවය.

“ මෙම නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කළ ඇතැම් ලේඛනවල මුල් ලේඛන වෙනස් තත්වයක පවතිනවා.  මෙවැනි ක්‍රියා හරහා අපරාධ විමර්ශන ක්‍රියාදාමය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය බිඳවැටීමකට ලක් වෙනවා.“

“මෙම නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කර තිබෙන ලේඛන පිරික්සීමේ දී මෙම නඩුව ගොනු නොකර සිටිය යුතුව තිබූ බවයි පෙනී යන්නේ.“

පැමිණිල්ල විසින් ඇතැම් ලේඛන ඉදරිපත් කර තිබෙන ආකාරය වැරදි සහගතයි. “ විනිසුරුවරයා පැවසුවේය.

අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර් ජෙනරාල් දිලීප පීරිස් මෙම නඩුවට අදාල ලේඛන 31ක මුල් ලේඛන සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ ලකුණු කරනු ලැබුවේය.

විත්තිකාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොෂාන් දෙහිවල මතුකළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු  පැවසුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් යොමු කර තිබූ ලිපි 31 අතුරින් බහුතරයක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විත්තිකරු විසින් සටහන් යොදා තිබුණ බවය.

පැමිණිල්ල විසින් ලකුණු කළ බුද්ධි වාර්තා අඩංගු ලේඛන අතුරින් වාර්තා 21ක්  සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සටහන් යොදා තිබිණි.

අනතුරුව නඩුව වැඩි දුර විභාගය හෙට දින තෙක් කල් තැබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි නිදහස් කරනවා ද නැද්ද?… තීන්දුව ලබන 18…

Next Post

ජනපති පත්කළ මිල්කෝ සභාපති ඉවත් කර ඇත්තේ ජනපති නොදැන…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.