පාස්කු ප්‍රහාරය සම්බන්ධව පවරා ඇති නඩුවෙන් ඔහුව නිදහස් කරන්නේ ද, නොඑසේනම් විත්ති වාචිකය කැඳවන්නේ ද යන නියෝගය ලබන මස 18 දා ප්‍රකාශ කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද ( 19) දැනුම් දුන්නේය.
එම ප්‍රකාශ කරනු ලැබුවේ හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුවේ සාක්ෂි කැඳවීම අවසන් කරමිනි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.