සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පූජිත් – හේමසිරි බේරෙයි … මෛත්‍රී නිලන්ත – පැටළෙයි !

by editor
පෙබරවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර  පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් පවරා තිබූ නඩු දෙකේ සියලූම අධිචෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට තීන්දු කළ  කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය මේ සම්බන්දයෙන් වගකීම ඉහළ දේශ පාලන බල අධිකාරියට සහ එවකට රාජ්‍ය බුදධි දේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයතු කළ නඩුවේ පැමිණිල්ලේ පළමුවැනි සාක්ෂිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙත පැවරෙන බව      ඊයේ  (18 ) ප්‍රකාශිත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවත්  සමග පෙනී ගොස් තිබේ.

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගේ ලයිස්තුවේ ඉහළට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සෙවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන  පැමිණීම පිළිබඳ මේ වනවිට    නීති ක්ෂේයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ද අවධානය යොමුව ඇත. .

ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (18) සිය පුකාශය ලබා දෙමින් පැයකට ආසන්න කාලයක් අදාළ නියෝගයට අදාළ පසුබිම් කරුණු පිළිබඳව ප්‍රකාශයක්  කළේය.   එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය  සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් රටේ වගකිවයුතු දේශපාලන අධිකාරියට වගකීමක් පැවරී තිබුණත් රාජ්‍ය නිලධාරීන් වෙත එකී වගකීම පටලවා නඩු පැවරීම සාධාරණ නොවන බවය.

එසේම අදාළ  වගකීම් පැහැර හැර ඇත්තේ එවකට රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ පැමිණිල්ලේ පළමුවන සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන බව අධිකරණයට පෙනී යන්නේ යැයිද නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉසර්දීන් මෙම  යන විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එහිදී මෙම විනිසුරන් තවදුරටත් පෙන්වා දුන්නේ ප‍්‍රහාර මාලාවක් එල්ල විය හැකි බවට පිටරටකින් තොරතුරක් ලද මුත් එය නිසි බුද්ධි තොරතුරක් බවට තහවුරු කර ගැනීමට එවකට රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන අසමත් වූ බව  තමන්ම  අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින්  පිළිගත් බවය.

පැමිණිල්ලේ පළමුවන සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන ඔහු වෙත ලැබුණේ යැයි කියන ප‍්‍රහාර මාලාවට අදාළ තොරතුරු 2009.04.09 වැනිදා පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමේදී හෝ සාකච්ඡාවට බඳුන් නොකිරීම සුළුකොට තැකිය නොහැකි බවද ඊයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවධාරණය කළහ.

රටේ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස ඔහුට මේ සම්බන්ධයෙන් වගකීමෙන්  කටයුතු කිරීමේ හැකියාව තිබූ බවත් විනිසුරු මඬුල්ල එහිදී පෙන්වා දුන්හ. පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කොට තිබූ එවකට ජාතික බුද්ධි ඒකකයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස්  පැමිණිල්ල වෙනුවෙන් කැඳවිය හැකි හොඳම සාක්ෂිකරුවකු බවට අධිකරණයේ මතය වුවත් කුමණ  හෝ හේතුවක් මත ඔහුගේ සාක්ෂිය පැමිණිල්ල නොකැඳවූ බවද සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ  පෙන්වා දුන්නේය.

විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර   ඔහු වෙත ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව විමර්ශන ගොනු කැඳවා තහවුරු කර ගැනීම සිදුකළ යුතුව තිබුණත් එලෙස නොකර ඔහුට එරෙහිව නඩු පවරා ඇති බවත් එය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් සභාපති විනිසුරු නාමල් බලල්ලේ සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් මෙම විනිසුරුවන් පෙන්වා දුන්නේ  රටේ එවකට පැවැති දේශපාලන වාතාවරණය අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට  ස්වාධීනව තීරණ ගැනීමේ ගැටලු  පැවතිය බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි මගින්ම තහවුරු වන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සඳුදා වැඩ වර්ජනය නැවැත්තුවේ ඇයි?. GMOA හේතුව කියයි!

Next Post

ගිය අවුරුද්දේ හැම දවසකට  සැරයක් වන අලියෙක් මරලා… අවුරුදු 05ට අලි මරණ 1678ක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.