අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුලුවන්නම් අස්වනු කපනකොට ගොවි බිමකට ගිහින් ගුටි නොකා එන්න… මහාචාර්ය සමන් ධර්මකීර්ති

වගා කරන ගොවීන්ටත් කන්න නෑ... මහාචාර්ය සමන් ධර්මකීර්ති උද්දච්ච පාලකයන්ට කියන කතාව

by editor
ජනවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වගාකරන ගොවීන්ටත් කන්න නැතිවන සාගතය  තව මාසයක් තුළ බලා ගත හැකි බව කෘෂි විද්වත්හු කියති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය සමන් ධර්මකීර්ති සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් කියා සිටින්නේ මේ ව්‍යසනයට  රට ඇද දැමූ කේවට්ට උපදේශකයන් හා උද්දච්ච පාලකයන්ගේ නිරුවත් රංගනය තවමත් නිමා වී නැති බවය.

මහාචාර්ය සමන් ධර්මකීර්ති

පසට, පරිසරයට සහ ගොවි ජනතාවට  හෙන ගැහුවත් කාබනික පොහොර ආනයනයෙන් ලැබෙන කොමිස් මුදල් වලින් සොච්චමක් හෝ ලබා ගැනීමේ අශිෂ්ට චේතනාවෙන් කෙරෙන  උපදේශක කේවට්ටයන්ගේ නිරුවත් රංගනය තවමත් නිමා වී නැති බව කියන මහාචාර්යවරයා මේසා බිහිසුණු ව්‍යසනයක්  ඇස් හමුවේ පෙනි පෙනී රටේ ප්‍රමිතිය බාල කර ඕනෑම කාබනික පොහොරක් පිටරටින් ගෙන්වීමට දියත් කර ඇති නිර්ලජ්ජිත උත්සාහයට සමස්ථ ජාතියටම අනාගතයේ වන්දි ගෙවීමට සිදුවන බව පෙන්වා දෙයි.

“ මේ උද්දච්ච පාලකයින්ටත් කේවට්ටයින්ටත් කියන්න ඕන දේ දැන් ගොවියො දන්නවා. පුලුවන්නම් අස්වනු කපන කාලෙට ගිහින් ඔබේ කාබනික ප්‍රතිපත්තිය ගැන ඒ මින්ස්සු එක්ක කතා කරන්න…

ගහයි එලව එලවා….

මහාචාර්ය සමන් ධර්මකීර්ති තැබූ ෆේස් බුක් සටහන මෙසේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මම අද කේෂ්ත්‍ර  පර්යේෂණයක් බලන්න අනුරාධපුරයට ගියා. යන අතරතුර දකින වී වගාවන් ඡායාරූපගත කළා   එක තැනකදී මම ඡායාරූපයක් ගන්නකොට එතනින් ගිය පාපැදිකරුවෙක් “වැඩක් නැහැ මහත්තය ෆොටෝ ගත්තට, පොහොර නැහැනේ” කියාගෙන ගියා. ඔහු හිතුවේ මම විනෝදෙට ෆොටෝගන්න කෙනෙක් කියලා.

බොහොමයක් කුඹුරු වල ගොයම කහ ගැහිලා, කේඩෑරි වෙලා. තවත් සමහරකට පැල  මැක්කා හානි කරලා හොඳටම. පොහොර නැතිකම මේ නිරීක්ෂණ දෙකටම හේතුවක්. පොහොර නැති කමින් කෙඩෑරී වී ගිය ලපටි ගොයමට මේ කෘමියගෙන් වෙන හානිය ඉතා වැඩි බවක් තමයි මම දැක්කේ. ඒ මදිවට ගොයමට උඩින් වල්. ගොවීන් කුඹුරු ඇත ඇරලා වගේ තියෙන්නේ. ටිකක් හරි කොලපාටට තිබුණු කුඹුරුවලට කොහෙන්හරි හොයාගත්ත රසායනික පොහොර ටිකක් දාල තිබුණා. ශාක පෝෂණයේ සැඟවුන බඩගින්න (hidden hunger) ගැන නොදන්න ගොවීන් කොල පාටට තියෙන වගාව දැකලා අපිනම් ගොඩ කියල කිව්ව. මම හිනා වෙලා නිකම් හිටියා. වෙන මොනව කියන්නද?

ගොවි මහත්තුරු කීප දෙනෙක් එක්කම කතා කළා. එකම අඳෝනාව. “වැඩක් නැහැ මහත්තය කුඹුර කරලා, තෙල්-පොහොර නැතිව. ගස් කෙඩාරි වෙලා, කෘමීන්ගෙන් හානි වෙලා. ඒ මදිවට අලි. පැල් රකින්නේ අලින්ගෙන් මොනවා රැකගන්නද?. ගොඩක් අය පැල් රැකිල්ලත් ඇත ඇරලා දැම්මා. ගිය කන්නේ අස්වැන්නෙන් වී මල්ලක් තව ඉතිරිවෙලා තියෙනවා. එක ඉවර වුනාම? මේ කන්නේ අපිටවත් කන්න හාල් නැතිවෙයි. මට අක්කර පහක් හයක් තියෙනවා. මේ කන්නේ මම කලේ අක්කරයයි. අනිත්වා අඳේට දුන්නා. අඳේවත් ගන්න බැරිවෙයි මේ කන්නේ.” මේ තමයි ගොඩක් ගොවීන්ගේ දුක් ගැනවිල්ල.

සති කිහිපයකට කලින් කෘෂි කර්ම අධ්‍යක්ෂ ජෙනරාල් සාකච්ඡාවකදී ප්‍රසිද්ධියේම කිව්වේ “කුඹුරැවලට නම් අවශ්‍ය තරම් පොහොර තියෙනවා. එලවලු වලට  සහ අනෙක් වගාවන්ට තමයි “ටිකක්” ප්‍රශ්නෙ” කියලා. දැන් මේ පොහොර තිබුනයි කියන වී වගාව. ඵතකොට අනෙක් වගාවන් කොහොමට ඇතිද?.

ආයතන ප්‍රධානීන්ටත් මේ විනාශය කලින්ම පෙනුනේ නැතිනම් හෝ මේවා පුරෝකථනය  කිරීමට හරි දැනුමක් නැතිනම් හෝ දැන දැනත් යම් කිසි ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් වැරදි උපදෙස් පාලකයන්ට දෙනවා නම්, අපේ කෘෂිකර්මාන්තයටත් වටිනා පාංශු සම්පතටත් වෙන හානිය සිතාගන්නවත් බැරි වෙයි.

මේ තැනට අසරණ ගොවීන් පත්කරපු කේවට්ටයන්, සහ පාලකයින් මෙයට ඍජුවම වගකිව යුතුයි.  පුදුමේ කියන්නේ මෙච්චර විනාශයක් ඇස් පනාපිටම පෙනේත්දිත්, කාබනික පොහොර අවශ්‍ය තරම් ලංකාවේ නුදුරු කාලයකදී හදන්න බැරි බව පෙනී පෙනීත්, එසේ ප්‍රකාශ කරන ගමනුත්, පිට රටින් ඕනෑම කාබනික පොහොරක් ආනයනය කිරීමට මේ ගන්නා නිර්ලජ්ජිත උත්සාහයට තවමත් මෙම කේවට්ටයන් අනුබල දීමයි; මේ සඳහා කාබනික පොහොර ප්‍රමිතීන් වෙනස් කිරීමට සහ නව බාල ප්‍රමිතීන් සකස් කිරීමට මේ කේවට්ටයන් දරණ උත්සාහයයි;

පසට, පරිසරයට සහ ගොවි ජනතාවට  හෙන ගැහුවත් කාබනික පොහොර ආනයනයෙන් ලැබෙන කොමිස් මුදල් වලින් සොච්චමක්වත් ලබා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මේ කාබනික පොහොර නාඩගමේ රඟපාන කේවට්ටයන්ගේ ඇඳුම් නැති රංගනයයි. (ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනයට උදවු කල සහ කාබනික පොහොර ප්‍රමිතීන් වෙනස් කිරීමට සහ නව බාල ප්‍රමිතීන් සකස් කිරීමට කැසකවන තවමත් නම් ප්‍රසිද්ධ නොවුණු අනෙකුත් අවස්ථාවාදීන්ද නුදුරේදීම රටට හෙළිදරව් විය යුතුය).

අඩුම ගානේ ඔවුන්ට තමන් කන බත් පත දකිනකොට “අනේ මේ ගොවීන්ගේ දහදිය කඳුළු නේද අපි මේ කන්නේ” කියලවත් හිතෙන්නේ නැති එක තමයි පුදුමේ.

කිසි වැඩ පිළිවෙලක් නැතුව, තම තමන්ගේ කාබනික සිහින ගොවීන්ගේ ජීවිත වලින් සහ මහා ජනතාවගේ බදු මුදල් වලින් සැබෑකරගන්න තවමත් වලිකන මේ  කේවට්ටයන් රැලත් ඔවුන්ට සවන්දෙන උද්දච්ච පාලකයන්ටත් කරන්න ඕන දේ ගොවීන් හොඳටම දැන් තේරුම් අරන් ඉන්නේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

පුලුවන්නම් අස්වනු කපන කාලෙට ගිහින් මේ ගොවීන්ට කියන්න අපිතමයි මේ විදියට කාබනික ගොවිතැන කරන්න කිවුවේ; උපදෙස් දෙන්නේ කියලා. ගහයි එලව එලවා.

Share69Tweet43
Previous Post

දෛනිකව පැය 04ක විදුලි කප්පාදුවකට සැරසෙන්න – ලංකා විදුලි ඉංජිනේරු සංගමය!

Next Post

ලාස් වේගාස් ලෝක විවාහක රූ රැජණ තරගය… පුෂ්පිකා 04…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.