දෛනිකව පැය 4ක විදුලි කප්පාදුවකට සූදානම් වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පිරිමසා ගත හැකි ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් දැවි තෙල් ඇත්තේ දින 22කට පමණක් බවත්ය.
ඒ අනුව දින තුනකට පසු විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට කටයුතු නොකළහොත් විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගැනීමට නොහැකි වන බව සභාපති කුමාරවඩු පැහැදිලි කරයි.
ජලය මූලික වශයෙන් කෘෂිකාර්මික, පානීය හා පාරිසරික අරමුණු සඳහා කළමනාකරණය කිරීම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා ජලාශවල ජලය භාවිතා කිරීම සීමා වී තිබේ.
අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදය සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු කිරීම හේතුවෙන් විදුලි බිඳවැටීමකදී විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැතිවීම මේ තත්වයට හේතු වී ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.