සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුත්තලමේ  ජනතාව ඉල්ලනවානම් දේශපාලනයට එනවා… සනත් නිශාන්තගේ බිරියගෙන් ප්‍රකාශයක්!

by editor
ජනවාරි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තම සැමියා වූ සනත් නිශාන්තගෙන් හිස් වූ තැන පුරවන ලෙස පුත්තලම මහ ජනතාව හා පක්ෂ නායකත්වය ඉල්ලිමක් කරන්නේ නම් තමන් ඒ ගැන හිතා බලන බව සනත් නිශාන්තගේ බිරිය චමරි ප්‍රියංකා පෙරේරා පැවසුවාය.

ඇය කීවේ තමන්  තම සැමියාගේ ලේකම්වරිය ලෙස ඔහුගේ දේශපාලන කටයුතුවලින් සියයට පනහක් පමණ සිදුකළ බවත්   පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන 500කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දෙන බවත්ය.

කාන්තාවන්ගේ දුක තමන් දන්නා බව ද ඇය කීවාය.  තමන් දේශපාලනයට පැමිණය ද  තම සැමියා කළ විශිෂ්ට දේශපාලනය කළ නොහැකි බව ද  ඔහු වචනයේ  අර්ථ පරිසමාප්තයෙන්ම දේශපාලඥයෙක් බව ද ඇය ප්‍රකාශ කර ඇත.

අද දෙරණ වාර්තා කරන පරිදි සනත් නිශාන්තගේ බිරිය ප්‍රියංකා පෙරේරා කියන්නී මෙසේය.

“මගේ මහත්මයා පුත්තලම් දිස්ත්‍රික්කයට වගේම රටේ ජනතාවටත් විශාල සේවයක් කළා. එතුමාගෙන් පිළිසරණක් පතා ආ අයෙක් කවදාක්වත් හිස් අතින් ඇරියේ නෑ. එයාට වූ විපත මටත් දරුවන්ටත් අදහාගන්න බෑ. හරියට හීනයක් දැක්කා වගේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් ප්‍රථමයෙන් ඇතැම් මාධ්‍ය පළ කරලා තියෙනවා, මම දේශපාලනයට එනවා කියලා. ඒ කිසිම කෙනෙක් මගෙන් අහලා නෙවෙයි එහෙම ප්‍රවෘත්ති පළ කරලා තියෙන්නේ. මම කිසිම මාධ්‍යයකට මේ දක්වා ප්‍රකාශයක් කරලා නෑ මම දේශපාලනයට එනවා කියලා.

මම මහත්තයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඬක් පමණ මෙහෙයවූවත් ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නෑ.

නමුත් එතුමාගෙන් හිස්  වූ තැන ගන්න කියලා, ඒ ජනතා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාව, රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය මගෙන් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට මට ඒ ගැන හිතලා බලන්න වෙනවා. මට දැන් විශාල වගකීමක් පැවරිලා තිබෙනවා මගේ දරුවන් සිව්දෙනාගේ අනාගතය  පිළිබඳව.

මට හොඳ රැකියාවක් තියෙනවා, හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මම තනිවෙලා නෑ කියන හැඟීමෙන් ඉදිරි  කටයුතුවලට මුහුණදෙනවා. මම දේශපාලනයට ආවත් මගේ මහත්මයා කළ දේශපාලනය කවදාවත් මට කරන්න වෙන්නේ නෑ. ඇතැම් අය විවේචනය කළත් එයා වචනයේ අර්ථ පරිසමාප්තයෙන්ම දේශපාලඥයෙක්. දවසේ වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් කැපවෙලා වැඩ කරපු කෙනෙක්.

මගේ මහත්තයා වටේ විශාල පිරිසක් හිටියා. ඒ තමයි එයාගේ ශක්තිය. පුත්තලම් දිස්ත්‍රික්කයේ අති විශාල පිරිසක් සඳහා මගේ මහත්තයා ඉඩම් දුන්නා, ගෙවල් හදලා දුන්නා. ඉන්න තැනක් නැති අයට ගෙවල් 10,000ක් – 15,000ක් හදලා දුන්නු මගේ මහත්තයාගේ දේහය තියන්න තැනක් නැතිවුණා. අන්තිමේදී තාවකාලිකව ඉදිකරපු තැනක තමයි අවසන් කටයුතු පවා කරන්න වුණේ.

මම පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන 500කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දෙනවා. කාන්තාවන්ගේ දුක මම දන්නවා. අද මේ සිද්ධියෙන් මම වගේම පොලිස් සැරයන් අනුරාධගේ බිරිඳ ලක්සිකා ප්‍රසාදිනි මහත්මියත් දැඩි වේදනාවකට, කම්පනයකට පත්වෙලා ඉන්නවා.

මම එතුමියගේ වගේම සැරයන් ජයකොඩිගේ පුතා සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම දෙයකට සහයෝගය දෙනවා. එයාලට තනිවෙන්න දෙන්නේ නෑ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් පුලුවන්නම් කැලණියට වරෙන්…  ජනපති කැලණිය සරසවියට පැමිණීමට විරුද්ධව සිසුහු අද පරිපාලන ගොඩනැගිල්ල වටලති…

Next Post

සජබ විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.