මෙරට විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨ වලට පසුගිය වසර 30 ක කාලයේ දී ඇතුළු වූ ශිෂ්‍ය සංඛ්‍යාවට අදාළ වාර්ෂික දත්ත විශ්ලේෂණය කිරීමේ දී වසර 2030 වන විට වෛද්‍ය පී වලට තේරී පත්වන මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73 % ක් ගැහැණු ළමුන් බවට අනුමාන කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයේ හිටපු ප්‍රධානී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තිය හා නිපුණතා අංශයේ අධ්යක්ෂ, දන්ත වෛද්‍ය පීඨයේ මූලාසන මහාචාර්ය (ප්‍රජා දන්ත සෞඛ්‍ය) දිලීප් ද සිල්වා පවසයි.

වර්ෂ 1990 සිට 2022 වසර දක්වා මෙරට විශ්වවිද්‍යාලයන් හි වෛද්‍ය පීඨවලට ඇතුළු වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකීමේ දී වාර්ෂිකව පිරිමි ළමුන් අභිබවා ගැහැණු ළමුන් ගේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙන්නේ යැයි ඔහු කීය.
වර්ෂ 1990 ට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්ත සැලකීමේ දී එම වසරේ වෛද්‍ය පීඨවලට ඇතුළු වූ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 43% ක් ගැහැණු ළමුන් වූ බවත් 2020 වසර වනවිට එම අගය 64% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මහාචාර්යවරයා පැවසුවේය.
මේ අනුව වෛද්‍ය පීෙවලට ඇතුළු වන ශිෂ්‍යාවන් ගේ ප්‍රතිශතය වසර තිහක කාලය තුළ 21 % කින් ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.
පිරිමි ළමුන් අධ්‍යාපනයට දක්වන උනන්දුව ක්‍රමිකව අඩුවන තත්ත්වයක් මේ අනුව පෙනී යන බව ද මහාචාර්යවරයා කීය.
පසුගිය වසර 20 ක කාලයේ දී මෙරටින් බිහිව තිබෙන චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු අතරින් 64 % ක් ද ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍යවරු අතරින් 83 % ක් ද කාන්තාවන් බව මෙම දත්ත විශ්ලේෂණයේ දී අනාවරණය වූ බව ද මහාචාර්ය දිලීප් ද සිල්වා පැවසුවේය.







