කීර්ති ප්‍රනාන්දු
පිටකොටුව තොග වෙළඳ පොලේ දෛනික වෙළදාම 75% කට වඩා අඩු වී ඇතැයි ආනයනකරුවෝ සහ තොග වෙළෙන්දෝ පවසති.
විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාමට පිටකොටුවට එන තොග හා සිල්ලර වෙළඳුන් ප්‍රමාණය ද සියයට 75 කින් පමණ අඩු වී ඇති බවත් දෛනික වෙළදාම අඩුවීමට මෙය ප්‍රධාන හේතුව බවත් ඔවුහු කියා සිටිති .
මේ නිසා වෙළෙඳ භාණ්ඩ ගෙන්වීමට වැයවන මුදලට වඩා පාඩුවට භාණ්ඩ අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවද ආනයනකරුවෝ පවසති .
මේ හේතුවෙන් පිටකොටුව තොග වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල මේ දිනවල අඩු වී ඇති බවත් ආනයනකරුවෝ පෙන්වා දෙති.
සීනි ගෙන්වීම සඳහා කිලෝවකට රුපියල් 240- 250 වශයෙන් වැය වන නමුත් සීනි කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 210ක් තොග මිලට බවත් එසේම තිරිඟු පිටි කිලෝවක් ගෙන්වීම සඳහා රුපියල් 260- 280 වශයෙන් වැයවන නමුත් පාන් පිටි කිලෝවක තොග මිල රුපියල් 225 දක්වා අඩු වී ඇති බවත් ආනයනකරුවෝ පවසති .
මේ අතර දෛනික සිල්ලර වෙළදාම ද සියයට හැටකට වඩා පහළ බැස ඇතැයි ද වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි .







