ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ණය මුදල ලබා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් අපට ඉතිරි ව ඇත්තේ චීනය සහ ඉන්දියාව ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟ කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර අවසන් කිරීම බවත් මේ වනවිට ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සිය විදේශ සංචාරයේ ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ අතර ඒ අවස්ථාවේදී විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳව විමසූ අවස්ථාවේ පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදි ජනාධිපති වික්‍රමසිංහ තවදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන අවසන් ලියවිල්ල බවත් එය සකස් කිරීමට පෙර ණය හිමියන් සමඟ පවත්වන ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා අවසන් විය යුතු බවත්ය.
ඒ අනුව මේ වනවිට ද්විපාර්ශ්වික ණය ලබා දුන් චීනය ඉන්දියාව සහ ජපානය වැනි රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ඔවුන්ගේ ඒ යෝජනා ද ඇතුළත් කොට අවසන් එකඟතා ලියවිල්ල සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම ණය පහසුකම ලබාදීම ඉදිරි වසර හතරක කාලයක් පුරා දිව යන සැලසුමක් බවත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපට නිශ්චිත ඉලක්ක ලබා දී ඇති බවත්ය. මේ ඉලක්ක සපුරා ගැනීමට අදාළව අපට වැඩ කටයුතු සිදු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
පසුගියදා තමන් ලෝක දේශගුණික සමුළු සැසිවාරයක් සඳහා ඊජිප්තුවට ගිය අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය හමුවූ බවත් අපට සහය ලබා දෙන ලෙස ඇය එහිදීද අවධාරණය කළ අතර මේ නිසා ඒ සම්බන්ධයෙන් සැකයක් ඇති කර නොගත යුතු බවත් ප්‍රකාශ කළේය..
ශ්‍රි ලංකාවට ණය ලබාදුන් රටවලට ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විකල්ප දෙකක් පවති බවත් එනම් ලබා දුන් ණය කපා හැරීම හෝ ණය ගෙවීමේ කාල සීමාව අවුරුද 10කින් 20කින් කල් දැමීම බවද සඳහන් කළ ජනාධිපතිවරයා යම් හෙයකින් මෙම ණය පවතින ප්‍රධාන රටක් ණය ප්‍රතිව්‍යුහගතකණය කිරීමට එකඟ නොවන්නේ නම් ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව පාර්ලිමේන්තුවට දැන්වූයේ ඒ සම්බන්ධයෙන් මන්ත්‍රි විමල් වීරවංශ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුර දෙමිනි.







