පිටකොටුව බෝධීන්වහන්සේ ඉදිරිපිට අද සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කළ ‘සුරකිමු ලංකා’ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංවිධානයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, “භූමි මාතා මනුසත් පදනමේ“ නිර්මාතෘ පූජ්‍ය කළුබෝවිල පදුම හිමි ඇතුළු පිරිසකට අද දින එම ස්ථානයට පැමිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් වී තිබේ. .
මෙම ආඥාව කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් බවත් දැනුම්වත් පොලිසිය එම හිමිවරුන්ට දැනුම් දී ඇත.
අද (07) දින භික්ෂුන් වහන්සේ හා සර්ව ආගමික පූජකවරුන් පිරිසක් පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත – ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ අට්ටාලයක් සකස් කර අඛණ්ඩ ව රැඳි සිටීමට සූදානමක් ඇති බව සැළ වීම හේතුවෙන් පිටකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අලුත්කඩේ උසාවියෙන් මෙම අධිකරණ නියෝගය සඳහා ඉල්ලීමක් සිදු තිබේ.
එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.







