බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැය 24ක් තිස්සේ ඉන්දියානු ගුවන් ගමන් විකල් කළ අද කටුනායක තිගැස්සූ මොකක් ද මේ විස්තාරා යානයේ බෝම්බ බිය…

by editor
ඔක්තෝබර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මුම්බායි සිට කොළඹ දක්වා පැමිණෙමින් තිබූ  UK 131 (A320 Neo) විස්තාරා ගුවන් යානයේ වාර්තා වූ බෝම්බ බිය සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක්  නොමැති බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපල කළමණාකාරිත්වය නිවේදනය කරයි.

යානය කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබෑමට  මිනිත්තු 10 කට පෙර ගුවන් යානයේ කපිතාන්වරයාට බෝම්බ තර්ජනයක් පිළිබඳ නිශ්චිත නොවන ඇමතුමක් ලැබී ඇත.

අතර්ජනය පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු, ප්‍රොටෝකෝලයට අනුකූලව, අදාළ සියලු බලධාරීන්ට වහාම දැනුම් දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලදී.

මගීන් 96 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 8 දෙනෙකු සමඟ ගුවන් යානය අද සවස 2.49ට  ට නිරුපද්‍රිතව ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබිණි.

ආරක්ෂිත පියවරක් ලෙස සියලුම මගීන් ඉක්මනින් ගුවන් යානයෙන් මගී පර්යන්තය වෙත ගෙන යන ලද අතර සියලුම මගීන්ගේ ආරක්ෂාව සහතික කරන ලදී.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකාව) (පුද්ගලික) සමාගම (AASL) අනෙකුත් බලධාරීන් සමඟ එක්ව එවැනි සිදුවීම් සඳහා ස්ථාපිත සම්මත ප්‍රොටෝකෝල අනුගමනය කළ අතර සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ රැකවරණය අතිශයින්ම ප්‍රමුඛතාවයෙන් සහතික කළ බව ගුවන්තොටුපල කළමණාකාරිත්වය දන්වා තිබේ.

මොකක් ද මේ සිද්ධ වුනේ…

ඊයේ පස්වරුවේ සිට ඉන්දියානු ගුවන් යානා විශාල ප්‍රමාණයකට බෝම්බ තර්ජනයක්  ඇති බව දැක්වෙන ප්‍රකාශ  සමාජ මාධ්‍ය ඔස්සේ අඛණ්ඩව  ප්‍රචාරය වෙමින් තිබී ඇත.

මේ ප්‍රකාශ අතර විස්තාරා ගුවන් සේවයට අයත්  එක් ගුවන් යානයක් දිල්ලි සිට ලන්ඩන් දක්වා ගමන් කරමින් තිබෙද්දී  බෝම්බ තර්ජනයක් පිළිබඳ වූ තොරතුරක් මත    සාමාන්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වෙත හරවා යවා තිබිණි.

ඩුබායි සිට ජයිපූර් දක්වා ගමන් කළ  එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ජායිපූර් වෙත පැමිණීමට ටික වේලාවකට පෙර සාමාන්‍ය හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත් කළේය.

සිකුරාදා බොහෝ තර්ජන පැමිණියේ එක් නිර්නාමික සහ සත්‍යාපනය නොකළ X ගිණුමකිනි.—@adamlanza111 නැමැති මෙම  මෙම ගිණුම එයාර් ඉන්දියා ගුවන් යානා හයකට, විස්තාරා ගුවන් යානා තුනකට, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් ගමන් දෙකකට සහ එලායන්ස් එයාර් ගුවන් යානයකට තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.

තර්ජන පළ කරන විට මෙම ගුවන් ගමන් වලින් සමහරක් ගුවන් ගත කර තිබිණි. සමහරක් ගුවන් ගමන් සම්පූර්ණ කර තිබිණි.

මෙම සිදුවීම් සමඟ මේ සතියේ ඉන්දීය ගුවන් සමාගම්වල ගුවන් යානාවලට බෝම්බ තර්ජන එල්ලකල  තහවුරු වූ අවස්ථා සංඛ්‍යාව 45කට අධික සංඛ්‍යාවක් දක්වා  ඉහළ ගියේය. අද විස්තාරා ගුවන් යානයට යොමු වන්නේත් එවැනි තර්ජනයක් පිළිබඳ ඇමතුමකි.

සියලුම තර්ජන පැමිණ තිබුණේ  X සමාජ මාධ්‍ය වේදිකාවේ සත්‍යාපනය නොකළ සහ නිර්නාමික ගිණුම් මන් බව ද එම එම බියගැන්වීම් ව්‍යාජ ඒවා බව ද ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාල මහන්තත්තය පොලොවට ඇද දැමමින් නෙතන්යාහූ ගේ නිවසට එල්ල වුන ඩ්‍රෝන ප්‍රහාරය…

Next Post

පාස්කු ප්‍රහාරය උඩ දාගෙන ගම්මන්පිල ගහන දේශපාලන ගේම් එකේ අභ්‍යන්තර තොරතුරු ලීක් වෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.