අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයට ගෑවුණු ‘සොනික් සොනික්’ ගැන ශානි අබේසේකරගෙන් හෙළිදරව්වක්!

by Lanka Sara Editor
පෙබරවාරි 19, 2022
in පුවත්
Shani-Abesekara
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශණවලදී නම කියවුණු අභිරහස් චරිතය වන “සොනික් සොනික්“ භාවිත කළ දුරකථන අංකය භාවිත කළ පුද්ගලයා පිළිබඳ අනාවරණය ඇතුළු ආන්දෝලනාත්මක අනාවරණ කිහිපයක් සිදු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට ඇති බව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.

එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැමිණිලිකරු වශයෙන් අබේසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ තම මූලික විමර්ශන අනුව “සොනික් සොනික්“ නාමයෙන් හැඳින්වූ පුද්ගලයා භාවිත කළ සිම්පත කොළඹ නාගරික රථවාහන පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ නමට නිකුත් කර තිබූ එකක් බවත් එය රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීකෂකවරයකු වෙත ලබා දී තිබූ අතර මේ උප පොලිස් පරීක්ෂකවරයා පිළිබඳව විමර්ශණය කිරීමට යද්දී එවකට රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලබා දිය නොහැකි බව පවසා එය වැළැක්වූ බවයි.

එසේ වුවද ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම නොසලකමින් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තද ඔහු“ පොඩි සහරාන්“ නැමැත්තා සමඟ පැවති සම්බන්ධතාව පිළිබඳව හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ බව ශානි අබේසේකර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ දක්වා ඇත.

ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ වර්තමාන ආණ්ඩුව යළිත් තමන් සම්බන්ධයෙන් චෝදනා ගොනු කොට යළිත් අත්අඩංගුවට පත් කිරීමේ සැලැස්මක් පවතින අතර එම අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙසයි.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

පිටු 36කින් සමන්විත බව කියන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම තුළ පැමිණිලිකාර අබේසේකර මහතා විසින් ගොනු කරන ලද තොරකුරු අතර 2019 වසරෙ අප්‍රියෙල් මස 21 වැනිදා සිදු වූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය පිළිබඳව ඉතා ආන්දෝලනාත්මක වූ කරුණු රැසක් අන්තර්ගත වන බව කලම්බෝ ටෙලිග්‍රාෆ් වාර්තාවේ දැක්වේ.

තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන කාලයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලදී ජාතික තව්හිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණ නිසි ලෙස සිදු නොකළ බවට චෝදනා කරමින් යළි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව සඳහන් කර තිබේ.

මෙම විමර්ශණ සම්බන්ධයෙන්ද කරුණු ගොනු කරමින් අබේසේකර මහතා තම මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් ජාතික තව්හිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණ තොරතුරුද අනාවරණය කර ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මාතලේ පොලිසිය මඟින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වන පොඩි සහරාන් නමින් හැඳින්වූ තැනැත්තා තම් සොනික් සොනික් නමින් හැඳින්වූ අබිරහස් පුද්ගලයකු පිළිබඳව අනාවරණය කර ඇත.

මෙම සොනික් සොනික් නැමැත්තා භාවිත කළ දුරකථන තොරතුරු පරීක්ෂා කිරීමේදී ඊට අදාළ සිම්පත කොළඹ රථවාහන පොලිසියේ නිලධාරිනියකු සතුව තිබූ බවත් අයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එය සිය පෙම්වතා වෙත ලබා දී ඇති බවත් අනාවරණය වූ බව දක්වා තිබේ. මෙම පෙම්වතා රාජ්‍ය බුද්ධි සේවයට සම්බන්ධ උප පොලිස් පරික්ෂකවරයකු බව හඳුනා ගත් පසු ඔහුගෙන් ප්‍රශ්න නිරීමට උත්සාහ කළද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් බණ්ඩාර ඔහු නිරාවරණය කිරීම ජාතික ආරක්ෂාවට බලපාන බැවින් කළ නොහැකි බව සඳහන් කළ නමුත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා ගෙන් ප්‍රකාශකයක් ලබා ගැනීම තමන් කටයුතු කළද එහිදී තමන් ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ පොඩි සහරාන් නැමැත්තා සමඟ පවතින සම්බන්ධතා හෙලිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ බව අබේසේකර මහතා සිය පෙත්සම තුළ කරුණු දක්වමින් සඳහන් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දොස්තරලා කියන්නෙ තමන් හැර කිසි කෙනෙකුට කිසි දෙයක් ලැබෙනවට කැමති නැති පිරිසක්!

Next Post

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නැයි ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට ඉඟි කරයි!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.