පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශණවලදී නම කියවුණු අභිරහස් චරිතය වන “සොනික් සොනික්“ භාවිත කළ දුරකථන අංකය භාවිත කළ පුද්ගලයා පිළිබඳ අනාවරණය ඇතුළු ආන්දෝලනාත්මක අනාවරණ කිහිපයක් සිදු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට ඇති බව කලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැමිණිලිකරු වශයෙන් අබේසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ තම මූලික විමර්ශන අනුව “සොනික් සොනික්“ නාමයෙන් හැඳින්වූ පුද්ගලයා භාවිත කළ සිම්පත කොළඹ නාගරික රථවාහන පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ නමට නිකුත් කර තිබූ එකක් බවත් එය රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීකෂකවරයකු වෙත ලබා දී තිබූ අතර මේ උප පොලිස් පරීක්ෂකවරයා පිළිබඳව විමර්ශණය කිරීමට යද්දී එවකට රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලබා දිය නොහැකි බව පවසා එය වැළැක්වූ බවයි.
එසේ වුවද ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම නොසලකමින් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තද ඔහු“ පොඩි සහරාන්“ නැමැත්තා සමඟ පැවති සම්බන්ධතාව පිළිබඳව හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ බව ශානි අබේසේකර මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ දක්වා ඇත.
ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ වර්තමාන ආණ්ඩුව යළිත් තමන් සම්බන්ධයෙන් චෝදනා ගොනු කොට යළිත් අත්අඩංගුවට පත් කිරීමේ සැලැස්මක් පවතින අතර එම අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙසයි.
පිටු 36කින් සමන්විත බව කියන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම තුළ පැමිණිලිකාර අබේසේකර මහතා විසින් ගොනු කරන ලද තොරකුරු අතර 2019 වසරෙ අප්‍රියෙල් මස 21 වැනිදා සිදු වූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය පිළිබඳව ඉතා ආන්දෝලනාත්මක වූ කරුණු රැසක් අන්තර්ගත වන බව කලම්බෝ ටෙලිග්රාෆ් වාර්තාවේ දැක්වේ.
තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන කාලයේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලදී ජාතික තව්හිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණ නිසි ලෙස සිදු නොකළ බවට චෝදනා කරමින් යළි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව සඳහන් කර තිබේ.
මෙම විමර්ශණ සම්බන්ධයෙන්ද කරුණු ගොනු කරමින් අබේසේකර මහතා තම මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් ජාතික තව්හිත් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණ තොරතුරුද අනාවරණය කර ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මාතලේ පොලිසිය මඟින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වන පොඩි සහරාන් නමින් හැඳින්වූ තැනැත්තා තම් සොනික් සොනික් නමින් හැඳින්වූ අබිරහස් පුද්ගලයකු පිළිබඳව අනාවරණය කර ඇත.
මෙම සොනික් සොනික් නැමැත්තා භාවිත කළ දුරකථන තොරතුරු පරීක්ෂා කිරීමේදී ඊට අදාළ සිම්පත කොළඹ රථවාහන පොලිසියේ නිලධාරිනියකු සතුව තිබූ බවත් අයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එය සිය පෙම්වතා වෙත ලබා දී ඇති බවත් අනාවරණය වූ බව දක්වා තිබේ. මෙම පෙම්වතා රාජ්‍ය බුද්ධි සේවයට සම්බන්ධ උප පොලිස් පරික්ෂකවරයකු බව හඳුනා ගත් පසු ඔහුගෙන් ප්‍රශ්න නිරීමට උත්සාහ කළද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් බණ්ඩාර ඔහු නිරාවරණය කිරීම ජාතික ආරක්ෂාවට බලපාන බැවින් කළ නොහැකි බව සඳහන් කළ නමුත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා ගෙන් ප්රකාශකයක් ලබා ගැනීම තමන් කටයුතු කළද එහිදී තමන් ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ පොඩි සහරාන් නැමැත්තා සමඟ පවතින සම්බන්ධතා හෙලිදරව් කිරීම ප්‍රතික්ෂේප කළ බව අබේසේකර මහතා සිය පෙත්සම තුළ කරුණු දක්වමින් සඳහන් කර තිබේ.