බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දොස්තරලා කියන්නෙ තමන් හැර කිසි කෙනෙකුට කිසි දෙයක් ලැබෙනවට කැමති නැති පිරිසක්!

by editor
පෙබරවාරි 19, 2022
in සමාජ, සෞඛ්‍යය
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter
  • අපි  නම් කඩේ ගියෙ නෑ… කඩේ ගිය අය තමයි පාර්ලිමේන්තු ගිහින් ලැබුණ පර්මිට් එක කෝටි 06කට වික්කේ… 

දින 10ක්  දිවයිනපුරා රජයේ  රෝහල්වල  අතුරු වෛද්‍ය සේවාවන් ක්‍රියාත්මක වැඩ වර්ජනයට සාර්ථක පිලිතුරක් ලබානොදී වැඩ වර්ජනය නොකළ කිසිම ගැටලුවක් නැති බව අඟවමින් සිටි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කැඳවා ජනාධිපති සාකච්ඡාවක් ලබා දී ඔවුන්‌ගේ ඉල්ලීම් ලබා දීමට පොරොන්දු වීම සම්බන්ධයෙන් මේ වන විට අතුරු වෛද්‍ය සේවාවන්ගෙන් දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී. අප මේ සම්බන්ධයෙන් රාජ්‍යසේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග අපි කෙටි සාකච්ඡාවක නිරත වූයෙමු. පහත දැක්වෙන්නේ ඒ සංවාද සටහනය.  

ප්‍රශ්නය – වසර ගණනාවක් පුරා පවතින වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට වර්ජනය කළේ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන්.    නමුත් ඉල්ලීම් ලබා දුන්නේ හෙද නිලධාරීන්ට.  මොකක්ද මේ වෙනස?

පිළිතුර –  අතුරු වෛද්‍ය සේවාවන්ට පමණක් නෙවෙයි හෙදියන්ටත් වෘත්තීය ගැටලු තිබුණා. අපේ ගැටලු විසඳා ගැනිමට අපි මුලින්ම සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය ජූනි මාසේ. ඉන් පසුව  ඇති වුණ කොවිඩ් වසංගතය සහ රටේ ආර්ථික අර්බුද හමුවේ අපිට සාකච්ඡාවන් ලැබුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයා අපිට පසුගියදා සාකච්ඡාවක් ලබා දුන්නා. ඒ සාකච්ඡාවේදී හෙද වෘත්තියට ඇතිව තිබූණු ගැටලු හතකටම විසදුම් ලැබුණා. 

ප්‍රශ්නය –  පසුගිය දිනවල පැවති අතුරු වෛද්‍ය සේවාවන්ගේ වැඩ වර්ජනයේදී ඔබ වහන්සේගේ නායකත්වය දෙන හෙද සේවාව හැරුණු කොට අනෙකුත් හෙද වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයට සහයෝගය දැක්වුවා. ඇයි රාජ්‍ය‌ සේවා එක්සත් හෙද සංගමය මේ සදහා සහභාගි නොවුණේ.

පිළිතුර – අපි ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡාවේදී හෙද ගැටලුවලට විසදුම් ලබා දෙනවා කියා පොරොන්දු වුණා. ජනාධිපතිවරයා කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්න කියලා අපේ සාමාජිකයින්ට කිව්වා. ඒ විස්වාසය මත ඔවුන් කටයුතු කළා. 

අතුරු වෛද්‍ය සේවාවන් සහ හෙදියන්ගේ ඉල්ලීම් අතර කිසිම සම්බන්ධයෙක් නැහැ. අපි ඉල්ලුවේ අපට ආවේනික ඉල්ලීම් විතරයි. රජයේ යුතුකම තමයි මේ ඉල්ලීම් ලබා දෙන එක. ඒ නිසා රජය ඒ යුතුකම ඉටුකලා.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ප්‍රශ්නය –  ඒ කියන්නේ ඔබවහන්සේ අදහස් කරනවාද අතුරු වෛද්‍ය සේවාවන්ගේ ඉල්ලීම් ලබා දීම යුතුකමක් නොවන වග?

පිළිතුර – නැහැ. කිසිම විටක මම එහෙම අදහස් කළේ නැහැ. සෞඛ්‍ය සේවාවේ කිසිම වෘත්තියකට ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙනවාට අපි විරුද්ධ නැහැ. ඒවා අපට අදාලත් නැහැ.

ප්‍රශ්නය – වර්ජනය කළ අයට සාකච්ජා නොදී කිසිම ගැටලුවක් නැහැ කියලා පැත්තකට වෙලා හිටපු අයට සාකච්ඡාවන් ලබා දුන්නේ ආණ්ඩුවට කඩේ යන නිසා කියලා ඇතැම් වෘත්තීය සමිති නායකයින් කියනවා. මොකක්ද මේ කඩේ යන කථාව?

පිළිතුර – කඩේ යන කථාව මම නම් දන්නේ නැහැ. නමුත් මම එදත් අදත් කඩේ ගියේ රටේ ජනතාවට සහ සේවකයින්ට පමණයි. නමුත් අපි දැක්කා පසුගිය රජය කාළේ කඩේ ගියේ කවුද කියලා. පාර්ලිමේන්තුවට ගිහිල්ලා ලැබුණ පර්මිට් එක කෝටි හයකට වික්කේ කඩේ ගිය අය තමයි.  ඔවුන් කඩේ ගියාට ලැබුණු තෑග්ගතමයි මේ කෝටි 6ක් වටිනා වාහන පර්මිට් එක.

ඒ විතරක් නෙවෙයි…  පසුගිය රජයට කඩේ ගිය ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ නිවෙස් හදන්න මුල්ගල තියන්න ගියෙත් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා. 

ප්‍රශ්නය –  වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන සදුදා සිට වැඩ වර්ජනයකට සූදානම් වෙනවා. නැවත වරක් රෝගී ජනතාව අපහසුවකට පත්කරන තත්ත්වක් රට තුල නිර්මාණය වෙයි නේද?

පිළිතුර – වෛද්‍යවරුන්ගේ කැමති නැහැ තවත් කණ්ඩායමකට  වැටුප් වැඩිවෙනවාට. දැන් බලන්න ගුරුවරුන් වසර 24ක් පුරා සටන් කරලා ඒ අයගේ අයිතීන් දිනා ගත්තා. ඒකටත් වෛද්‍යවරුන් විරුද්ධයි. ඒ අය හිතන්නේ ඒ අයගැන විතරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 ඩෙංගු වෛරසයත් වෙනස් වෙලා!

Next Post

පාස්කු ප්‍රහාරයට ගෑවුණු ‘සොනික් සොනික්’ ගැන ශානි අබේසේකරගෙන් හෙළිදරව්වක්!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.