-
අපි නම් කඩේ ගියෙ නෑ… කඩේ ගිය අය තමයි පාර්ලිමේන්තු ගිහින් ලැබුණ පර්මිට් එක කෝටි 06කට වික්කේ…
දින 10ක් දිවයිනපුරා රජයේ රෝහල්වල අතුරු වෛද්‍ය සේවාවන් ක්‍රියාත්මක වැඩ වර්ජනයට සාර්ථක පිලිතුරක් ලබානොදී වැඩ වර්ජනය නොකළ කිසිම ගැටලුවක් නැති බව අඟවමින් සිටි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කැඳවා ජනාධිපති සාකච්ඡාවක් ලබා දී ඔවුන්‌ගේ ඉල්ලීම් ලබා දීමට පොරොන්දු වීම සම්බන්ධයෙන් මේ වන විට අතුරු වෛද්‍ය සේවාවන්ගෙන් දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී. අප මේ සම්බන්ධයෙන් රාජ්‍යසේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග අපි කෙටි සාකච්ඡාවක නිරත වූයෙමු. පහත දැක්වෙන්නේ ඒ සංවාද සටහනය.
ප්‍රශ්නය – වසර ගණනාවක් පුරා පවතින වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට වර්ජනය කළේ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන්. නමුත් ඉල්ලීම් ලබා දුන්නේ හෙද නිලධාරීන්ට. මොකක්ද මේ වෙනස?
පිළිතුර – අතුරු වෛද්‍ය සේවාවන්ට පමණක් නෙවෙයි හෙදියන්ටත් වෘත්තීය ගැටලු තිබුණා. අපේ ගැටලු විසඳා ගැනිමට අපි මුලින්ම සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය ජූනි මාසේ. ඉන් පසුව ඇති වුණ කොවිඩ් වසංගතය සහ රටේ ආර්ථික අර්බුද හමුවේ අපිට සාකච්ඡාවන් ලැබුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයා අපිට පසුගියදා සාකච්ඡාවක් ලබා දුන්නා. ඒ සාකච්ඡාවේදී හෙද වෘත්තියට ඇතිව තිබූණු ගැටලු හතකටම විසදුම් ලැබුණා.
ප්‍රශ්නය – පසුගිය දිනවල පැවති අතුරු වෛද්‍ය සේවාවන්ගේ වැඩ වර්ජනයේදී ඔබ වහන්සේගේ නායකත්වය දෙන හෙද සේවාව හැරුණු කොට අනෙකුත් හෙද වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයට සහයෝගය දැක්වුවා. ඇයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මේ සදහා සහභාගි නොවුණේ.
පිළිතුර – අපි ජනාධිපතිවරයා සමග පැවැත් වූ සාකච්ඡාවේදී හෙද ගැටලුවලට විසදුම් ලබා දෙනවා කියා පොරොන්දු වුණා. ජනාධිපතිවරයා කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්න කියලා අපේ සාමාජිකයින්ට කිව්වා. ඒ විස්වාසය මත ඔවුන් කටයුතු කළා.
අතුරු වෛද්‍ය සේවාවන් සහ හෙදියන්ගේ ඉල්ලීම් අතර කිසිම සම්බන්ධයෙක් නැහැ. අපි ඉල්ලුවේ අපට ආවේනික ඉල්ලීම් විතරයි. රජයේ යුතුකම තමයි මේ ඉල්ලීම් ලබා දෙන එක. ඒ නිසා රජය ඒ යුතුකම ඉටුකලා.
ප්‍රශ්නය – ඒ කියන්නේ ඔබවහන්සේ අදහස් කරනවාද අතුරු වෛද්‍ය සේවාවන්ගේ ඉල්ලීම් ලබා දීම යුතුකමක් නොවන වග?
පිළිතුර – නැහැ. කිසිම විටක මම එහෙම අදහස් කළේ නැහැ. සෞඛ්‍ය සේවාවේ කිසිම වෘත්තියකට ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙනවාට අපි විරුද්ධ නැහැ. ඒවා අපට අදාලත් නැහැ.
ප්‍රශ්නය – වර්ජනය කළ අයට සාකච්ජා නොදී කිසිම ගැටලුවක් නැහැ කියලා පැත්තකට වෙලා හිටපු අයට සාකච්ඡාවන් ලබා දුන්නේ ආණ්ඩුවට කඩේ යන නිසා කියලා ඇතැම් වෘත්තීය සමිති නායකයින් කියනවා. මොකක්ද මේ කඩේ යන කථාව?
පිළිතුර – කඩේ යන කථාව මම නම් දන්නේ නැහැ. නමුත් මම එදත් අදත් කඩේ ගියේ රටේ ජනතාවට සහ සේවකයින්ට පමණයි. නමුත් අපි දැක්කා පසුගිය රජය කාළේ කඩේ ගියේ කවුද කියලා. පාර්ලිමේන්තුවට ගිහිල්ලා ලැබුණ පර්මිට් එක කෝටි හයකට වික්කේ කඩේ ගිය අය තමයි. ඔවුන් කඩේ ගියාට ලැබුණු තෑග්ගතමයි මේ කෝටි 6ක් වටිනා වාහන පර්මිට් එක.
ඒ විතරක් නෙවෙයි… පසුගිය රජයට කඩේ ගිය ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ නිවෙස් හදන්න මුල්ගල තියන්න ගියෙත් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා.
ප්‍රශ්නය – වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන සදුදා සිට වැඩ වර්ජනයකට සූදානම් වෙනවා. නැවත වරක් රෝගී ජනතාව අපහසුවකට පත්කරන තත්ත්වක් රට තුල නිර්මාණය වෙයි නේද?
පිළිතුර – වෛද්‍යවරුන්ගේ කැමති නැහැ තවත් කණ්ඩායමකට වැටුප් වැඩිවෙනවාට. දැන් බලන්න ගුරුවරුන් වසර 24ක් පුරා සටන් කරලා ඒ අයගේ අයිතීන් දිනා ගත්තා. ඒකටත් වෛද්‍යවරුන් විරුද්ධයි. ඒ අය හිතන්නේ ඒ අයගැන විතරයි.