ඩෙංගු වයිරසයේ වෙනසක් ඇතිවී තිබීම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යාමට හේතුවක් වී ඇති බැවින් මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගුරෝගීන් 9609ක් වාර්තා වී ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ සඳහන් කරයි.
මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50ක් දෙනා හඳුනාගෙන ඇත්‌තේ බස්නාහිර පළාතෙන් වන අතර ඉන් සියයට 48ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුව ඇතැයි විශේෂඥවරිය අවධාරණය කරයි.
ඩෙංගු වයිරසයේ වෙනසත් සමග රෝග ලක්ෂණ පෙන්වන කාලයද මේ වන විට අඩුවී ඇති බැවින් උණ රෝගය වැලඳී පැය 24ක් වැනි කාලයලක් තුළ වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්නැයිද ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කෙසේ නමුත් උණ රෝගයට පැරසිටමෝල් හැරුණු කොට වෙනත් කිසිම ඖෂධයක් වෛද්‍ය උපදෙස්වලින් තොරව ලබා නොගන්නැයිද වෛද්‍යවරිය අවධාරණය කර කියයි.