සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චම්පිකගේ රිය අනතුරු නඩුවට පුහුණු කළ සාක්ෂිකරුවෙක්!

by Lanka Sara Editor
පෙබරවාරි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් අද (18) රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ මූලික සාක්ෂි විමසීමේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සාක්ෂිකරු පුහුණු කරන ලද සාක්ෂිකරුවකු ලෙස පෙනී ගිය බවයි.

“1000 සී සී මෝටර් සයිකලය යාලුවෙක් ගෙ කිව්වා. එයාට වෙනම බයිසිකලයක් තිබුණා. ඒ ගැන මොහු දන්නේ නෑ කිව්වා. ඊළඟට මෙවැනි මෝටර් සයිකලයක් මහපාරේ පදින්න පුළුවන්ද බැරිද කියන එක ගැන එයා දන්නෙ නෑ කිව්වා. ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට දැනගත යුතු කරුණු.

පැමිණිලිකරුගේ පියාගේ සාක්ෂිය අනුව “රක්ෂණාවරණයක් තිබේ නම් ඒ රක්ෂණාවරණයට අනුව අනතුරක් වුනාම පුතා හෝ පුතාගෙ යාළුවා අදාළ අනතුර සම්බන්ධයෙන් වන්දියක් ඉල්ලුවද? ඒක පිළිබඳව පැහැදිලි උත්තරයක් දුන්නෙ නෑ. එහෙම කරලා නෑ. දෙක ඒ සම්බන්ධයෙන් සිවිල් නීතිය යටතේ වන්දි නඩුවක් පවරන්න පුළුවන්. ඒ දෙකම කරලා නෑ. එතකොට අපි යෝජනා කළා එහෙම නොකළේ තමන් දන්න හින්දා තමන්ගේ පුතා වරදක් කරපු හින්දා කියලා. ඒක ඉතා වැදගත් සාක්ෂියක්.”
ඊට අමතරව කිසිම අවස්ථාවක පොලීසිය මේ සඳහා මැදිහත් කරගෙන නොමැත. තෙවැනි පාර්ශවයේ අයිතිවාසිකම් සහිත රක්ෂණ ආවරණයක් මෙම මෝටර් බයිසිකලය සඳහා ලබාගෙන තිබුණද, වැරදි ලෙස ධාවනය කිරීම සහ රක්ෂණ වාරික ආවරණයක් නොමැති වීම නිසා රක්ෂණ මුදල් අදාළ අනතුර වෙනුවෙන් ලබාගත නොහැකි ව තිබේ. මෙය තමන්ට පැදවිය නොහැකි වාහනයක් පැදවීම තුල සිදුවූ අනතුරකි. නමුත් අද වන තෙක් පොලීසිය විසින් වැරදි වාහනයක් පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම පදනම් කරගෙන නඩු පවරා නැත.
“මොහු පිළිගත්තා ඔහු බත්තරමුල්ල ජයන්තිපුර පොහොට්ටු කාර්යාලයට ගිහිල්ලා තමයි මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළේ කියලා. ඒ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාට පස්සේ අගමැතිතුමාගේ මැදිහත් වීමෙන් එලියන්ත වයිට් සම්බන්ධ කරලා දුන්නා කියලා පුතාට බෙහෙත් කරන්න. එතකොට ඒ කියන්නේ ආණ්ඩුව පැහැදිලිව ඔහුට යම්කිසි අල්ලසක් දීලා තියෙනවා. ඊළඟට තමයි චමල් රාජපක්ෂ ගාවට ගිහිල්ලා තියෙන්නේ මේ CID එකේ අපරාධ පරීක්ෂණය කරන්න මැදිහත් වෙන්න.

මේ ගයාශාන් කියන පුද්ගලයා, ඒ කියන්නේ පිටිපස්සේ ගියපු එක්කෙනා උදය ගම්මන්පිල මහතා සමග දුරකථනයෙන් හතර වතාවක් කතා කළයි කියලා. සිද්ධියෙන් දවස් හතකට පස්සේ තමයි දිවුරුම් ප්‍රකාශයක් දෙන්නේ චම්පික වැරදියි කියලා. ඉතින් ඒ අනුව නඩුවේ හරයාත්මකව බැලුවම මේ සාක්ෂි වැදගත් නැති සාක්ෂි බවට පත්වෙනවා. ඊට අමතරව කියපු හැමදේම ඔහු කළින් පුහුණු කරපු චම්පිකට විරුද්ධව වරදක් ආරෝපණය කරන, යම්කිසි ආවේගාත්මක ප්‍රකාශ කරන්නෙයි කියා ඔහුට කියන්න ඇති. ඉතින් ඒක තමයි අහනකොට ඒ ප්‍රශ්නයට අනුපාතික නැතුව පිළිතුරු දීලා (සාක්ෂි නීතිය අනුව සාක්ෂිකරුගේ ආවේශනීයත්වය) හැසිරීම් තුළ හොඳින් පෙන්නුම් කළා ඔහු මේ යම්කිසි විදිහට බලපෑම් කරපු සාක්ෂිකාරයෙක්. “
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද මේ අවස්ථාවේ උසාවි සංකීර්ණය අසලට පැමිණ සිටි අතර එහිදී අදහස් දැක්වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ආණ්ඩුව විසින් විපක්ෂයේ දේශපාලන නායකයන් දඩයම් කිරීමට පටන්ගෙන ඇති බවය. සමගි ජන බලවේගය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න..

Next Post

 ඩෙංගු වෛරසයත් වෙනස් වෙලා!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.