බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

අබ්දුල් රාසික්ගේ බලහත්කාරකම ගැන කියා සාරාගේ මව කොමිසම හමුවේ හඬා වැටෙයි

by editor
ජූලි 25, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter
  • අබ්දුල් රාසික් බලහත්කාරයෙන් පුලස්තිනීව පැහැරගෙන ගිහින් මුස්ලිම් ආගමට හරවලා කටුවාපිටිය බෝම්බකරුට බන්දලා දුන්නා
  • ඇය ප්‍රහාරකයන් සමග සිටි බව දැනගත්තෙ මාධ්‍යයෙන්
  • සයින්දමර්දුවෙ මිය ගිය අය සමග මගෙන් ලබාගත් ඩී.එන්.ඒ වාර්තා ගැලපිලා තිබුණෙ නෑ…
  • මා පුලස්තිනීට අරන් දුන්නු රත්තරන් බඩු මියගිය අයගෙ රන් ආභරණ අතර තිබුණෙ නෑ
  • ඒත් සාරා සයින්දමර්දු නිවසට පැමිණි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙදි හමු වූ සහරාන්ගෙ බිරිය කීවා….

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (25) සාක්ෂි දෙන්නට පැමිණ සිටියේ පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් ගේ මව  රාසරත්නම් කවිතා ය. මේ සාක්ෂිය දෙස රටම දැඩි අවධායනයකින් යුතුව බලා සිටියේ මේ වනවිටත් ඇය ජීවතුන් අතර බවත්, ඇය මරාගෙන මැරෙන ත්‍රස්තයන් හා වෙසෙමින් ඒ ත්‍රස්තවාදී කටයුතුවලට සහය දෙමින් හිඳ අවසන් මොහොතේ ජීවිතය බේරාගෙන ඉන්දියාවට පලාගොස් ඇති බවත් කියැවී තිබුණු හෙයිනි.

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඇය පවසා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තයින් ස්වයංඝාතනයට ලක්වූ සයින්දමර්දු නිවසින් හමුවු රන් ආභරණ හඳුනාගැනීමේදී තම දියණිය වූ පුලස්තිනි නොහොත් සාරා වෙත ලබාදුන් රන් ආභරණ නොතිබුණු බවය.

එමෙන්ම අබ්දුල් ‍රාසික් විසින් තම දියණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තූන් නම් පුද්ගලයාට විවාහ කර දුන් ආකාරය ඇය කියා සිටියාය.

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රාහරය එල්ල කළ මොහොම්මදු හස්තූන්ගේ බිරිය වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මව වන  රාසරත්නම් කවිතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබුණේ සාරා ජෙස්මින් පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව සාක්ෂි විමසීම සඳහායි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

තම වැඩිමහල් දියණිය වන පුලස්තිනී මහේන්ද්‍රන් 1996 වසරේ මඩකලපුව තේතාතිව් නම් ගමෙහි උපත ලබා තේතාතිව් මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා සාමාන්‍ය පෙළ විභාගය A8 යි B 1 ක සාමාර්ථයක් ලැබූ බවත් උසස් පෙළ සඳහා ජීව විද්‍යාංශය තෝරාගෙන කල්මුණේ ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වූ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.

ඒ වන විට තමන් අබුඩාබිහි රැකියාවක නිරත වූ අයුරු කී ඇය 2015 වසරේ ජූලි 29 වනදා තම දියණිය වන පුලස්තිනි උපකාරක පන්තියට ගොස් නැවත් නිවසට නොපැමිණි බවට  දැනගන්නට ලැබුණු බව ඇය පැවසුවා.

සාක්ෂිකාරිය වැඩිදුරත් පැවසුවේ ඉන් කලබලයට පත්ව තම මවට මේ පිළිබඳව කලවංචිකුලම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනුකරන ලෙස දන්වූ බවය. අනතුරුව අබ්දුල් රාසික් නම් පුද්ගලයෙක් තම සහෝදරයාට දුරකතනයෙන් අමතා යමක් ප්‍රකාශ කර තිබූ අයුරු ඇය කීවාය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී විමසුවේ අබ්දුල් රාසික් නැමැත්තා සහෝදරයාට කුමක් ප්‍රකාශ කර තිබුණේද යන්නය.

ඔවුන් භාරයේ පුලස්තිනී සිටින බවත් පුලස්තිනී ඉස්ලාම් ආගමට පරිවර්තනය කර ඇති බවත් අබ්දුල් රාසික් පවසා ඇති බව සාක්ෂිකාරිය පැවසුවාය.

ඉන් පසු තමන් හැකි ඉක්මනින් දිවයිනට පැමිණ අබ්දුල් රාසික් රැඳී සිටි ඔගේ තව්හිද් ජමාත් සංවිධානයේ  මාළිගාවත්තේ පිහිටි කාර්‍යාලයට පැමිණි බවත් එහිදී අබායා ඇදුමකින් සැරසී සිටි සිය දියණිය වන පුලස්තිනීව දුටු බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය..

එහිදී ඇය සමඟ පැය 4ක් පමණ කාලයක් කතාබහ කරමින් සිටියදී යළි නිවසට යාමට කතා කළ විට ඇය ඊට කැමති වුවද ඒ දෙස CCTV කැමරා ඔස්සේ නිරීක්ෂණය කරමින් සිටි අබ්දුල් රාසික් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විටින් විට එම ස්ථානයට පැමිණි විට පුලස්තිනි සිය අදහස යළි වෙනස් කර ගත් බව සාක්ෂිකාරිය පැවසුවා.

අනතුරුව තමන් මාළිගාවත්ත පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් සිදු කළ අතර අබ්දුල් රාසික් පුලස්තිනිව ද එම ස්ථානයට කැඳවාගෙන ආ බව පැවසු සාක්ෂිකාරිය වැඩිදුරත් සඳහන් කළේ දින පහළොවක් ඇතුළත පුලස්තිනී යළි හින්දු ආගමික කටයුතු සිදුකරමින් සිටින්නේ නම් පමණක් දියණියව  ඇයගේ මව වන තමන් සතුව රඳවා ගැනීමට හැකියාව ඇති බව මාළිගාවත්ත පොලිසිය විසින් පැවසු බවය.

එසේ නොවුනහොත් දින පහළොව අවසානයේ අබ්දුල් රාසික්ට දියණියව යළි භාරදිය යුතු බව ද පොලිසීය විසින් දැනුම් දුන් පසු තමන් බස් රථයක නැඟ දියණිය ද කැටුව නිවෙස බලා පිටත් වූ බව සාක්ෂිකාරිය පැවසුවා.

එලෙස පැමිණෙන අතරතුර පුලස්තිනී විසින්ම ඇය හැඳ සිටි අබායා ඇඳුම ඉවත් කළ බවත් නිවසට පැමිණීමෙන් පසු හින්දු ආගමට අනුව පුලස්තිනී කටයුතු කළ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.

කෙසේවෙතත් දින පහළොව අවසානයේ අබ්දුල් රාසික් විසින් දුරකතන ඇමතුමක් ගෙන ” දවස් 15කටයි අරන් ගියේ. ඔයා දුවව ආයෙ භාර දුන්නේ නෑ. අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” ලෙස පැවසූ විට දියණිය හින්දු ආගමානුකූලව සිටින බව ප්‍රකාශ කළද අබ්දුල් රාසික් තර්ජනාත්මක ” අපි දන්නව ළමයව මෙහෙට හරවගන්න ” යැයි පැවසූ බව සාක්ෂිකාරිය කොමිසම හමුවේ හඬමින් පැවසුවා.

ඉන් දින කිහිපයකට පසු 2015 වසරේ සැප්තැම්බර් 24 වනදා අසනීපයක් හේතුවෙන් තමන් පුලස්තිනී සමඟ රෝහලට ගිය අවස්ථාවේ ඇය එක්වරම සොයාගැනීමට නොහැකි වු බවත් මේ සම්බන්ධයෙන් මඩකලපුව පොලිසියේ පැමිණිල්ලක් එදිනම ගොණු කළ බවත් සාක්ෂිකාරිය සඳහන් කළා.

සිද්ධියෙන් පසු දින අබ්දුල් රාසික් නැවත් දුරකතන ඇමතුමක් ගෙන ” දුව අපි ළඟ ඉන්නේ. ඇයව විවාහ කරල දුන්නා. ” යැයි පැවසූ බවත් ඉන් පසු දින තමන් යළි අබ්දුල් රාසික්ගේ කාර්‍යාලයට පැමිණි බවත් සාක්ෂිකාරිය පැවසුවා.

එහි යන විට පුලස්තිනී සමඟ හස්තූන් නමැත්තා සහ අබ්දුල් රාසික් සමඟ තවත් දෙදෙනෙකු සිටි බවත් පුලස්තිනී මහේන්ද්‍රන් සිය නම සාරා ජෙස්මින් ලෙස වෙනස් කර තිබූ නිසා තමන් යළි මාළිගාවත්ත පොලිසියට අබ්දුල් රාසික්ගේ මෙම ක්‍රියාව පිළිබඳ පැමිණිලි කළද පොලිසිය එය නීත්‍යානුකූල විවාහයක් යැයි පවසා කිසිවක් කළ නොහැකි බව සඳහන් කළ බව සාක්ෂිකාරිය පැවසුවා.

එහිදී අබ්දුල් රාසික් විසින් ” අපි මේ දෙන්නට නිවසක් අරන් දෙන්නම්. සල්ලිත් දෙන්නම්. ඔයා දැන් යන්න ” යැයි තමන්ට පැවසූ පසු තමන් යළි විදෙස් ගතවූ බව සාක්ෂිකාරිය පැවසුවා.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළේ සාරා ජෙස්මින් කිසියම් දිනක ඔබට ඇමතුමක් ගෙන සැමියා වන හස්තූන් සමඟ වාසය කළ නොහැකි බව පැවසුවේද යන්නයි.

ඇය එසේ තමන්ට පැවසූ බවත් අනතුරුව 2016.01.06 වනදා තමන් දියණියව අබුඩාබී වෙත ගෙන්වා ගත් බවත් සාක්ෂ්කාරිය පැවසුවා.

ඇය වැඩිදුරත් සඳහන් කළේ, මාස හතරක් පමණ තමන් සමඟ රැඳී සිටි දියණිය යළි ලංකාවට පැමිණි බවයි.

එසේ පැමිණ සිටියදී හස්තූන් විසින් කාත්තන්කුඩි පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් මත සාරා ජෙස්මින්ව කැඳවා විභාගයක් සිදුකර සාරා සහ හස්තූන් යළි කාත්තන්කුඩියේ පදිංචි කරවූ බවත් පොල්ස් ස්ථානය වෙත මුස්ලිම් සම්මේලනයේ බොහෝ පිරිසක් පැමිණ   තිබූ බවත් සාක්ෂිකාරිය කීවාය.

අනතුරුව සාරා නාරම්මල ප්‍රදේශයේ හස්තූන් සමඟින් සිටින බව තමන්‍ට දැනුම් දුන් බවත් ඇයට රූපවාහිනිය නැරඹීම, පිරිමි පුද්ගලයන් සමඟ කතා බස් කිරීම, ඡායාරූප ගැනීම ආදි කටයුතු හස්තූන් විසින් තහනම් කර තිබූ බවත් සාක්ෂිකාරිය පැවසුවා.

2019.02.19 වම දින සිය දියණිය තමන්ට දුරකතන ඇමතුමක් ලබා දී දින කිහිපයකට යළි ඇමතුම් නොගන්න ලෙස පැවසූ බවත් එදා සිට අද වන තුරු සිය දියණියගේ කටහඬ හෝ රූපය පවා තමන් නොදුටු බවත් සාරාගේ මව හඬමින් කොමිසම හමුවේ පැවසුවා.

තමන් පසුගිය වසරේ අප්‍රේල් 7 වනදා යළි මෙරටට පැමිණ නාරම්මල පොලිසියට දියණිය සොයා දෙන ලෙස පැමිණිලි කළ බවත් පසු දින තම නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පවසමින් රොෂාන් නම් නිලධාරියකු පැමිණි බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.

තමන් විසින් දියණියව සෑම තැනකම සොයා යන බව දැන්ගෙන අබ්දුල් රාසික්ගෙන් ලැබුනු තොරතුරක්ද  මත ඔහු තමන් හමුවීමට පැමිණ තිබූ බවත් එලෙස පැමිණි පුද්ගලයා තමන්ට සහරාන්ගේ ඡායාරුපයක් පෙන්වා ” සහරාන්ගේ බිරිය සමඟ තමයි සාරා ඉන්නේ ”  යැයි පැවසූවද තමන් ඒ වනවිට සහරාන්ව දැක නොතිබූ බව සාරාගෙ මව කොමිසමට කීවාය.

කෙසේවෙතත් අප්‍රේල් 21 ප්‍රහාරයේදී ඒ සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට සොයන පිරිස ගැන  මාධ්‍ය හරහා කියවෙද්දී  තම දියණියගේ ඡායාරූපයක් දුටු බව ඇය කීවාය. ඒ  අනුව දියණිය සිට ඇත්තේ ප්‍රහාරකයන් සමඟ බව දැනගත් වග සාක්ෂිකාරිය පැවසුවාය.

අනතුරුව මේ වසරේ ජනවාරි මස 10 වැනිදා තමන් අම්පාර පොලිසියට කැඳවා 2019.4.26 සෛන්දමර්දු නිවස තුළ සිදුවූ පිපිරීම් මාලාවෙන් පසු හමුවූ රත්‍රං ආභරණ වල ඡායාරූප පෙන්වනු ලැබුවත් ඒ අතර තමන් විසින් දියණිය වෙත ලබාදුන් රන් ආභරණ නොතිබුණු බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී විමසුවේ එම සිද්ධියෙන් පසු ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සිදුකළේද යන්නයි.

එසේ සිදුකළත් සෛන්දමර්දු නිවසේ මියගිය අය සමඟ තමන්ගේ ඩී. එන්. ඒ වාර්තා නොසැසඳුන බවට තමන් දැනගත් බව සාක්ෂිකාරිය පැවසුවාය.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකරන විමර්ශනයවලට අදාළව ප්‍රකාශ ලබාදීමට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී සහරාන්ගේ බිරිය මුණගැසුනු බවත් සාරා සෛයින්දමර්දු නිවසට   තමන් සමඟ පැමිණ සිටි බව සහරාන්ගේ බිරිය තමන්ට පැවසූ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

එළකිරි එකතු කරමින් කසිප්පු විකිණූ ජවාරම්කරු පොලිසියට කොටු වේ

Next Post

බුදුන් දකිනු සේ සියක් බැතිමතුන් රොද බඳින දළදා මැදුරේ විත්තිය

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.