සූරියවැව නුවන් ජයසේකර –
සිය පාසලේ 11 ශ්‍රේණියේ ඉගනුම ලබන දැරියක් පාසලේම සිසු පිරිසක් විසින් සමුහ දූෂණය කළ සිද්ධියට අදාල තොරතුරු වසන් කළ සිද්ධිය වූ තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා, උප විදුහල්පතිවරයා සහ විනය කමිටුව භාර ගුරුවරියන් දෙදෙනෙක් තණමල්විල පොලිසිය විසින් අද (13) අත් අඩංගුවට ගනු ලැබුවේය.
මෙම දැරිය පාසල් සිසුන් 22ක් විසින් අවස්ථා 07ක දී සමූහ දූෂණයට ලක් කර තිබූ අතර සිද්ධිය පිළිබඳව පාසල් විනය කමිටුවත්, විදුහල්පතිවරයාත් දැනුම්වත් වී සිටියත් ඔවුන් පාසලට අපකීර්තියක් වන බවට වූ අදහස මත මෙම අපරාධය පොලිසියට දැනුම් දී තිබුණේ නැත.
මේ වනවිට සිද්දියට සම්බන්ධව පාසල් සිසුන් 17ක් සහ සිසුවෙකුගේ මවක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව අධිකරණ වෛද්‍ය පරික්ෂණය භාරව සිටි තංගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙම සාහසික අපරාධය වසන් කිරීමට සිසුවියට බලපෑම් කර එම සිසුවිය සිය දිවි නසා ගැනීමට කළ උත්සාහයක් සම්බන්ධව ලැබුනු පැමිණිල්ලක් මත පරීක්ෂණයකට යටත් කර තිබේ.
කුමණ බලපෑම් මත වුවද සාධාරණ පරීක්ෂණයක් කරන බවට තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා සහතික වී ඇත.








