පාසල් ආරම්භ කිරීමේදී පිලිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අතර දරුවන්ට මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා සඳහන් කරයි.
මේ හේතුවෙන් නිවෙස් තුළ ගත කරන මේ වකවානුවේ දී දරුවන්ට මුව ආවරණය පැළඳීම, එය ඉවත් කිරීම හා එය පැළඳ සිටීමේ වැදගත්කම පිළිබඳ පූර්ව අවබෝධයක් හා පුරුද්දක් ඇති කරවීමට දෙමවුපියන් කටයුතු කරන්නේ නම් එය අතිශයින්ම වැදගත් බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දෙයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමෙන් පසුව සති කීපයක් පාසල විවෘත කළ අතර එහිදී පාසලට පැමිණි දරුවන්ට මුව ආවරණය පැළඳ සිටීමට එතරම් කැමැත්තක් නොදැක්වූ නමුත් මෙවර පාසල ආරම්භ කිරීමේදී දරුවන් මුව ආවරණය පැළඳීම අනිවාර්යය කර ඇතැයි ඇය පවසා සිටියි.







