පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළි කළ දූෂණ රැසක් පිළිබදව චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ සැමියා වූ තිරුකුමාර් නඩේසන්ට අනිද්දා (08) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ ලේකම් අප්සරා ද කල්දේරා විසින් අද (06) දන්වා ඇතැයි වාර්තා වේ.
අද රැස් වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපතිවරයා විසින් ලබා දුන් නියෝග වහාම ක්‍රියාත්මක කරමිනි.
ඒ අනුව අද සිටම පැන්ඩෝරා පත්‍රිකා හරහා චෝදනාවට ලක්වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක වෙත කොමිසම දැනුම් දී ඇත.







