සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාරට බහින එක හැර විකල්පයක් ඉතිරි වෙලා නෑ… ලාල් කාන්ත!

by editor
ජූලි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසය විසින් කියා දී ඇති පාඩම අනුව රට බලාපොරොත්තුවන දේශපාලන වෙනස ලබා ගත හැක්කේ මහපාරට බැසීමෙන් බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත පැවසීය.

රට අපේක්ෂා කළ වෙනස ලබා ගැනීම සඳහා ඡන්දයක් ලබා දීම මුලුමනින් අහුරා දමා ඇති පාලකයින් විසින් දේශපාලන බලය බන්දේසියක තබා පිළිගන්වන්නේ නැති බව ද ඔහු කීවේය.

මහනුවර ස්කයි වීව් හෝටලයේ දී ඊයේ (30)  පැවැති ජාතික ජන බලවේගයේ  විශේෂ සමුළුවක් අමතමින් ලාල් කාන්ත මෙසේ ද ප්‍රකාශ කළේය.

එහිදී ඔහු මෙසේ ද පැවසුවේය. .

“කොළඹට රැස්ව විරෝධතා දියත් කිරීමෙන් අපේක්ෂා කරන වෙනස සිදුකරන්න බෑ.  එහිදි වෙන්නේ    යනවා, නානවා, එනවා.. වෙන දෙයක් සිද්ධ වෙන්නේ නෑ.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“දේශපාලන බලය දරන කණ්ඩායම පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට අකැමැති සේම ඒ සඳහා ඉඩ ලබා දීමක් ද කරන්නේ නෑ.  යහපත් ලෙස ක්‍රමය  වෙනස් කිරීම පිණිස මැදිහත් වීම සියලු දෙනා තමන්ගේ   ප්‍රමුඛ කාර්යය කරගත යුතුයි.

දේශපාලන විද්‍යාවත්මකව බලන විට එම වෙනස ඡන්දයෙන් සිදුකර ගැනීමට මෙම පාලකයින් අවස්ථාව ලබා දෙන්නේ නෑ.  පීඩකයින් කිසිදු අවස්ථාවක පීඩිතයා වෙත බලය බන්දේසියක තබා ලබා දී  නෑ…  එය ඉතිහාසය පුරා දක්නට ලැබෙන තත්ත්වයක්. පසුගිය මාර්තු මස 09 දින පළාත් පාලන මැතිවරණය නොපැත්වීමෙන් මේ පාලකයින් අපට උගන්වා තිබෙන්නේ එම ඉතිහාස පාඩම  තමයි.

මෙම පසුබිම තුළ පාරට ඒම හැර වෙනත් විකල්පයක් නෑ…  පීඩිත පංතිය හා ප්‍රගතිශීලී පිරිස් පාරට ගෙන ඒමට සූදානම් විය යුතුයි.    මොවුන් යටතේ පාලනය වීමටත් බදු ගෙවීමටත් අප සූදානම් නොමැති බවට පණිවිඩයක් ලබාදිය යුතු යුතුයි.

මෙම පාලකයින් වෙතින් සාධාරණ මැතිවරණයක් ලබාගත නොහැකියි. අපේක්ෂා කරන ආකාරයේ ඡන්දයක් ලබාගත හැක්කේ මොවුන් ගෙදර  යැවීමෙන් පසුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නේපාලයට ඉන්දියාවෙන් තිරසාර පරිසර පද්ධතියට ඉංජිනේරු නවෝත්පාදන ගැන දැනුම

Next Post

“සෞඛ්‍යයෙන්” පඩි අරන් “සෞඛ්‍යයට”ම  වින කරනවා… “රත්නප්‍රිය මොඩ්ල්” වෘත්තීය සමිති නායකයින් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි! 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.