ඉතිහාසය විසින් කියා දී ඇති පාඩම අනුව රට බලාපොරොත්තුවන දේශපාලන වෙනස ලබා ගත හැක්කේ මහපාරට බැසීමෙන් බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත පැවසීය.
රට අපේක්ෂා කළ වෙනස ලබා ගැනීම සඳහා ඡන්දයක් ලබා දීම මුලුමනින් අහුරා දමා ඇති පාලකයින් විසින් දේශපාලන බලය බන්දේසියක තබා පිළිගන්වන්නේ නැති බව ද ඔහු කීවේය.
මහනුවර ස්කයි වීව් හෝටලයේ දී ඊයේ (30) පැවැති ජාතික ජන බලවේගයේ විශේෂ සමුළුවක් අමතමින් ලාල් කාන්ත මෙසේ ද ප්‍රකාශ කළේය.
එහිදී ඔහු මෙසේ ද පැවසුවේය. .
“කොළඹට රැස්ව විරෝධතා දියත් කිරීමෙන් අපේක්ෂා කරන වෙනස සිදුකරන්න බෑ. එහිදි වෙන්නේ යනවා, නානවා, එනවා.. වෙන දෙයක් සිද්ධ වෙන්නේ නෑ.”
“දේශපාලන බලය දරන කණ්ඩායම පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට අකැමැති සේම ඒ සඳහා ඉඩ ලබා දීමක් ද කරන්නේ නෑ. යහපත් ලෙස ක්‍රමය වෙනස් කිරීම පිණිස මැදිහත් වීම සියලු දෙනා තමන්ගේ ප්‍රමුඛ කාර්යය කරගත යුතුයි.
දේශපාලන විද්‍යාවත්මකව බලන විට එම වෙනස ඡන්දයෙන් සිදුකර ගැනීමට මෙම පාලකයින් අවස්ථාව ලබා දෙන්නේ නෑ. පීඩකයින් කිසිදු අවස්ථාවක පීඩිතයා වෙත බලය බන්දේසියක තබා ලබා දී නෑ… එය ඉතිහාසය පුරා දක්නට ලැබෙන තත්ත්වයක්. පසුගිය මාර්තු මස 09 දින පළාත් පාලන මැතිවරණය නොපැත්වීමෙන් මේ පාලකයින් අපට උගන්වා තිබෙන්නේ එම ඉතිහාස පාඩම තමයි.
මෙම පසුබිම තුළ පාරට ඒම හැර වෙනත් විකල්පයක් නෑ… පීඩිත පංතිය හා ප්‍රගතිශීලී පිරිස් පාරට ගෙන ඒමට සූදානම් විය යුතුයි. මොවුන් යටතේ පාලනය වීමටත් බදු ගෙවීමටත් අප සූදානම් නොමැති බවට පණිවිඩයක් ලබාදිය යුතු යුතුයි.
මෙම පාලකයින් වෙතින් සාධාරණ මැතිවරණයක් ලබාගත නොහැකියි. අපේක්ෂා කරන ආකාරයේ ඡන්දයක් ලබාගත හැක්කේ මොවුන් ගෙදර යැවීමෙන් පසුයි.







