එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අභියෝගාත්මක ලකුණු 169ක ඉලක්කයක් ලැබී තිබේ.
පන්දු ඕවර 20 අවසානයේ දී ඉන්දියානු කණ්ඩායම කඩුළු 06ක් දැවී ලකුණු 168ක් ලබාගෙන තිබේ.
කාසියේ වාසිය දිනූ එංගලන්තය මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දෙමින් පන්දු යැවීම තේරීම තියුනු අභියෝගයක් වී ඇති අයුරු පෙනේ.
ඉන්දියානු කණ්ඩායම විශිෂ්ට වෘත්තීය පිතිකරණයක යෙදුනහ. විරාට් කෝලි මෙන්ම හර්දික් පාණ්ඩ්‍යා අර්ධ ශතක වර්තා කළහ. පාණ්ඩ්‍යාගේ අතිශයින්ම ප්‍රවේගකාරී තියුණු පිතිකරණය එංගනත් ක්‍රීඩකයෝ මානසිකව බරපතල පීඩාවකට ලක් කරන අයුරු පෙනුණි.
මේ තියුණු ඉලක්කයට ඉන්දියාව කැඳවාගෙන ගිය හර්දික් පාණ්ඩ්‍යා පන්දු 33 ලකුණු 63ක් ලබාගෙන අවසන් පන්දුවේ දී දැවී ගියේය. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 05ක් ඇතුළත් විය. එංගලන්ත පන්දු යවන්නන්ගේ ඉතා තියුණු පන්දුවලට ආශ්චර්වත් ප්‍රහාරයක් එල්ල කරමින් පාණ්ඩ්‍ය ලබාගත් ලකුණු 63 කලෙකින් අමතක නොවන පිතිකරණ මතකයකි.
විරාට් කෝලි ලකුණු 50ක් ලැබුවේ පන්දු 40ක් තුළය. රෝහිත් ෂර්මා පන්දු 28ක දී ලකුණු 27ක් ලැබුවේය.
අවසන් පන්දු ඕවර පහ තුළදී ලකුණු 68ක් ලබාගැනීමට ඉන්දියාව සමත් විය.
පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් ජෝරදාන් ලකුණු 43කට කඩුළු 03ක් බිඳ හෙළුවේය. ක්‍රිස් වෝක්ස් පන්දු ඕවර 03ක් යවා ලකුණු 24ට කඩුල්ලක්, අඩිල් රෂීඩ් පන්දු ඕවර 04ක් යවා ලකුණු 20කට කඩුල්ලක් දවා ගත්තේය







