ඔරේන්ජ් ලයින් ලෙස හැඳින්වෙන ඓතිහාසික ලාහෝර් නගරයේ පාකිස්තානයේ බොහෝ ප්‍රසිද්ධ මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පාකිස්තාන රජයට දැඩි පාඩම් රැසක් ගෙන හැර දැක්වීමට සමත්ව තිබේ.
චීන සමාගම් විසින් චීන ණය යොදා ගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක වියදමින් ඉදිකරන ලද කිලෝමීටර් 27.1 ක් දිගකින් යුත් මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය 2020 දී නිම කරන ලදී.
චීනයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් බිලියන 1.6 ක ණයක් සමඟින් මූල්‍යකරණය කරන ලද ඔරේන්ජ් ලයින් මෙට්‍රෝ දුම්රිය චයිනා රේල්වේ සහ නොරින්කෝ ඉන්ටර්නැෂනල් විසින් ඒකාබද්ධව ඉදිකර ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාකිස්තානය තුල බොහෝ විට විවේචනයට ලක්ව ඇති අතර එහිදී විරුද්ධ පක්ෂ තර්ක කර ඇත්තේ එයට අවශ්‍ය අධික ණය සහ ව්‍යාපෘතියෙන් උත්පදනය කරනු ලබන ආර්ථික ප්රතිලාභ පිළිබඳ සලකා බැලීමේදී එමගින් ප්‍රජාවගේ සුබසාදනයට ලැබෙන ප්රතිලාභ ඉතාම අල්ප බවයි.
කෙසේ වෙතත්, මාර්ගය ක්‍රියාත්මක කරන පන්ජාබ් ජන සංක්‍රමණ අධිකාරිය අභියෝග කීපයකටම මුහුණ දී ඇත. එහීද ගතවූ වසර තුනක කාලය තුලදී මෙම මෙට්‍රෝ පද්ධතිය ඉදි කිරීමේ සහ මෙහෙයුම් හැසිරවීම එමගින් සිදු කලේය. . චීනයේ සිට ක්‍රියාත්මක කරන ආයතනවල පවතින උදාසීන ආකල්පය හේතුවෙන් දිගුකාලීන ඉදිකිරීම් ප්‍රමාදයන් සහ අධික බාධා කිරීම් බොහෝ අවස්ථාවලදී අධිකාරිය දැඩි අපහසුතාවයකට පත් කිරීම සමත්ව තිබේ.
මේ අතර අදාල පද්තියේ නිරන්තරයෙන් ඇතිවෙන තාක්ෂණික දෝශ සහ අනෙකුත් ගැටලු නිරාකරණයට චීන සමාගම මැදිහත් වීමක් නොවීම මගින්ද සමස්ථ මෙට්‍රෝ පද්ධතිය පවත්වාගෙන යාම දැඩි අර්බුදයක් වී ඇත.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය පාකිස්ථානය තුල චීන ආයොජන මත සිදුකරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ දෙවරක් සිතා බැලීමට කදිම උදාහරණයක් බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.