පාකිස්තානයේ ඉහළ අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතර සහ එරට පාලක පක්ෂය වන පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදීවාදී ව්‍යාපාරය ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය දරුණු ව්‍යාවස්ථා අර්බුදයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතනි බවට වාර්තාවේ.
රජය විසින් පන්ජාබ් සහ කයිබර් ප්‍රාන්තවල මැතිවරණ පැවැත්වීමට අකමැති වුවත් ගැන දැඩි ස්ථාවරයක සිටීයද අගවිනිසුරු විසින් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පිරිසක් විසින් මෙම මැතිවරණය පැවැත්විය යුතු බවට දැඩි මතයක සිටින බවට අනාවරණය වේ.
ඒ අනුව මෙම තත්ත්වය මත පාකිස්ථානයේ ඉහළ අධිකරණ වල විනිසුරුවරුන් අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇත. එහිදී පිරිසක් විසින් ප්‍රාන්ත වල මැතිවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන අතර තවත් පිරිසක් ඊට විරුද්ධ වීම මත දැඩි මතවාදී ගැටුමක් නිර්මාණය වී තිබේ.
මෙම ගැටුම හේතුවෙන් පාකිස්ථානයේ අධිකරණ පද්ධතියේ කඩා වැටීමේ අවදානමක්ද නිර්මාණය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
මේ අතරම පාකිස්තානයේ දේශපාලන දිශානතිය තීරණය කිරීමේ වැඩිම බලයක් පවතින එරට ආරක්ෂක හමුදා විසින්ද වර්තමාන ආණ්ඩුව විසින් මැතිවරණය කල් දැමීමට දරණ උත්සහයට සහය දැක්වීමට පියවරගෙන ඇත.
එහිදී පාකිස්තාන ආරක්ෂක හමුදා ප්‍රධානීන් විසින් අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැණුම් දී ඇත්තේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව අදාල ප්‍රාන්ත වල මැතිවරණය පැවැත්වීම ආරක්ෂිත නොවන බවයි.
මිට අමතරව පාකිස්ථාන ආණ්ඩුව පක්ෂය විසින් එරට අගවිනිසුරට පැවරී ඇති බලය කප්පාදු කිරීමට අදාලව නව පනතක්ද පාර්ලිමේන්තුවට හඳුන්වා දීමටද පියවර ගෙන ඇත. ඒ අනුව මෙම නව පනතට ඉදිරිපත් කළහොත් එය පාකිස්තාන ව්‍යවස්ථාවට දැඩි බලපෑමක් එල්ල වීමට හැකියාව පවතී.